රනිල්ට එරෙහිව ඔබාමාට අස්සන් 25,000ක පෙත්සමක්

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අත්තනෝමතික කි‍්‍රයා කලාපය පිළිබඳ අමෙරිකා ජනාධිපති බැරක් ඔබාමා දැනුම්වත් කිරීම සඳහා එජාපයට සම්බන්ධ තරුණ තරුණියන් 25,000 කගේ අස්සන් සහිත පෙත්සමක් ඉදිරි දෙසතිය ඇතුළත එහි යැවීමට කටයුතු කර ඇතැයි ද පළාත් සභා මන්ති‍්‍ර නීතිඥ මෛති‍්‍ර ගුණරත්න මහතා පවසයි.

ශී‍්‍ර ලංකාවේ බලවත් විපක්ෂය වශයෙන් තිබූ එජාපය දියකර හැරීම, ඒකාධිපති පාලනයක් ගෙන යන මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට සහාය පළකිරීම, පක්ෂයේ ප‍්‍රබල කි‍්‍රයාකාරිකයන් පලවා හැරීම, මැතිවරණ 25 කට වඩා පරාජයවීම හා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට තවත් වසර 6 ක් බලයේ සිටීම සඳහා තම ධූර කාලය වසර 6කට දීර්ඝ කර ගැනීම ඇතුළු කරුණු ගණනාවක් එම පෙත්සමට ඇතුළත් කර තිබේ.

ලෝකයේ විවිධ රටවල සිටින ශී‍්‍ර ලංකා තානාපතිවරුන් මේ පිළිබඳ දැනුම්වත් කිරීමටද තම අරමුණ බව නීතිඥ ගුණරත්න මහතා පැවැසීය.


Gossip Lanka Hot News Previous News Archive