කෝටි 320 රාජ්‍ය ආයතනවලට ණය ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය

2012 වසරට අදාළ ඇස්තමේන්තු කරන ලද ආදායම් හා වියදම් ලේඛනයට අනුව 2012 දෙසැම්බර් 31 දා වන විට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය රුපියල් කෝටි 16.3ක අතිරික්ත මුදලක් ලැබේ යැයි අනුමාන කළද එය බලාපොරොත්තුවක් පමණක් වන තත්ත්වයට පත්වී ඇතැයි පැවැසේ.

එනම් එසේ බලාපොරොත්තු වූ ආදායම ආවරණය වී ඇත්තේ අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සලය හා ආසියානු කි‍්‍රකට් කවුන්සලයෙන් පවත්වන තරගාවලි සඳහා රුපියල් කෝටි 162.8ක්, අන්තර්ජාතික කි‍්‍රකට් තරග සංචාරවලින් රුපියල් කෝටි 268.9ක් ශී‍්‍ර ලංකා පි‍්‍රමියර් ලීග් (එස්.එල්.පී.එල්.) තරගාවලියෙන් රුපියල් කෝටි 37.6ක් අනුග‍්‍රාහකයන්ගෙන් හා වෙනත් ආදායම්වලින් රුපියල් කෝටි 52.9ක් හා බැංකු හා අයි.සී.සී. ණය මුදල් හා අත්තිකාරම් මුදල් වශයෙන් රුපියල් කෝටි 91.4ක් වශයෙන් මුළු එකතුව රුපියල් කෝටි 613.7ක් වශයෙනි.


එහෙත් තරග සංචාර සඳහා කී‍්‍රඩක කොන්ත‍්‍රාත්තු හා අනුග‍්‍රාහක මුදල්, අයි.සී.සී. හා ඒ.සී.සී. මගින් කී‍්‍රඩකයන්ට ගෙවූ මුදල්, දේශීය තරගාවලි පුහුණුවීම් කටයුතු හා පාසල් ඇතුළු වෙනත් කි‍්‍රකට් මෙහෙයුම් කටයුතු, පරිපාලන වියදම්, ලබාගත් ණය හා පොලී මුදල් හා මූලික වියදම් යනාදී ඇතුළත්ව සම්පූර්ණ ගෙවීම් සඳහා 2012 දෙසැම්බර් 31දාට අනුමත කළ මුදල රුපියල් කෝටි 503.2කි.

මේ අනුව ශුද්ධ අතිරික්ත මුදල රුපියල් කෝටි 110.5ක් වුවද බලාපොරොතතු වූ ආදායම මෙම වසරේදී නොලැබීම තළ කි‍්‍රකට් ආයතනය බලවත් මූල්‍ය අර්බුදයකට පත් වී ඇතැයි දැනගන්නට ඇත. හේතුව මේ වනවිට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විසින් ලංකා බැංකුවට අමතරව රාජ්‍ය අංශයේ සංවිධානවලට ගෙවිය යුතු මුදල රුපියල් කෝටි 320ක් දක්වා වැඩිවීමය.

Gossip Lanka Hot News Previous News Archive