ජනපති මහින්ද රාජපක්ෂගේ 67 වන ජන්ම දිනය අදයි 67th Birth Day Of Mr Mahinda Rajapaksha

1945 වසරේ මාතර පාලටුවේ දී උපන් පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ මහතා, හිටපු නියෝජ්‍ය කථානායකවරයකු වූ ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ පුත්‍රයකු වෙයි.

ගාල්ල රිච්මන්ඩ්, කොළඹ නාලන්දා සහ තර්ස්ටන් යන විදුහල්වලින් අධ්‍යාපනය හැදෑරූ මහින්ද රාජපක්ෂ තරුණයා, පාර්ලිමේන්තුවට පළමු වරට තේරී පත්වුයේ 1970 මහ මැතිවරණයේදීය. ඒ එවකට පාර්ලිමේන්තුවට පිවිසි ලාබාලතම මන්ත්‍රීවරයා ලෙසනි.

අනතුරුව 1994 වසරේදී පිහිටුවනු ලබන පොදුජන එක්සත් පෙරමුණු රජයේ කැබිනට් අමාත්‍යවරයකු ලෙස ඔහු පත් කෙරුණි.

එසේම 2002 - 2004 කාල සීමාවේදී පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙසද කටයුතු කළ ඒ මහතා, ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත් වුයේ 2004 වසරේදීය.

2005 වසරේ පැවැත්වූ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ මහින්ද රාජපක්ෂ මහතා එයින් ජය ගනිමින් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ 06 වැනි විධායක ජනාධිපති ධූරයට තේරී පත්විය.

එල්.ටි.ටි.ඊ. සංවිධානය යුධමය වශයෙන් පරාජය කිරීම හරහා ශ්‍රී ලාංකීය බහුතර ජනතාවකගේ ප්‍රසාදයට ලක්වූ ජනාධිපතිවරයා, එකී ජනප්‍රියත්වය තුලින් දෙවන වරටත් 2010 වස‍රේ දී ජනාධිපතිධූරයට පත්විය.

Gossip Lanka Hot News Previous News Archive