කොළඹ 7 බලු දන්සලක්, Dogs Alms giving at Colombo 7

bal3ඊයේ කොළඹ වෝඩ් පෙදෙසේ ස්ථානයක අපූරු ආකාරයේ දන්සැලක් පැවැත්වුණා. එය බලූ දන්සැලකි. හිමිකරුවෙකු නැතිව පාරේ අතහැර දමා ගිය බලූ පැටවුන් එකතුකොට රැකබලාගන්නට කැමති අයට නොමිලයේ ඛෙදා හැරීම මෙම ස්ථානයේදී සිදුවුණා.


රාජ්‍ය නොවන සංවිධානයක ප්‍රජා සත්කාරයක් ලෙස පැවති මෙම දන්සැලට ඊයේ විශාල පිරිස් එකතුවූ අතර එක් එක් ආකාරයේ බලූ පැටවුන් 950 ක් පමණ ඛෙදාදෙන්නට හැකිවූ බව වාර්තා වුණා. මෙම ස්ථානයට එවැනි අසරණවූ බලූපැටවුන් භාරදෙන්නටත් පුද්ගලයින්ට හැකියාව තිඛෙන අතර සෑම මසකම අවසාන ඉරිදා මෙම කටයුත්ත සිදු කරන්නටත් සංවිධායකයින් බලාපොරොත්තු වනවා. බලූ පැටවුන් ලබාගත් අය විවිධ කතා කිව්වා. එක් කාන්තාවක මේ ගැන කියා සිටියේ මෙසේය.

"මේ බල්ල අරහෙ ඉඳන් එනකොටම මං දැක්කා..දැක්ක හැටියෙ ගත්තා..එයාගෙ නම ස්නොවි.." තරුණියක ආදරෙන් බල්ලා වඩාගෙන මෙසේ පැවසුවා.
"මෙයාට ඕන විටමින් ඔක්කොම අරන් දීලා..සබන් අනංමනං ඔක්කොම අරන් දීල ඉතින් ආදරෙන් බලාගන්නවා.."
මහත්මයෙකු කියා සිටියේ. "අපි මේ බල්ලට ස්ටම්පි කියල නම දැම්මා වලිගෙ කොට නිසා.." ලෙසිනි. තවත් තරුණියක කියා සිටියේ
"මං මෙයාව යාළුවෙකුට දෙන්නෙ බර්ත්ඩේ ප්‍රසන්ට් එකකට" ලෙසිනි.
bal1










එම බලූ දන්සැලේ වීඩියෝව පහතින්





Gossip Lanka Hot News Previous News Archive