කොටකෙතන කාන්තාවෝ 700ක් පමණ අද උද්ඝෝෂණයක


තම ජීවිතාරක්ෂාව ලබා දෙන ලෙස ඉල්ලමින් කහවත්ත කොටකෙතන කන්තාවෝ හත්සියයක් පමණ පිරිසක් අද උද්ඝෝෂණයක් කළහ. 2007 සිට 2012 නොවැම්බර් වන විට කොටකෙතනදී කාන්තාවෝ 15 දෙනෙක් අභිරහස් ලෙස මරා දමනු ලැබූහ.
පොලිස් අත්අඩංගුවට ගෙන මුදහල ගැමියෙක් පසුව සිය දිවිනසා ගත්තේ තමාට එල්ල වූ අද්භූත චෝදනා නිසා ගමට මුහුණ දිය නොහැකි බව කියමිණි.
 පොලිසිය සැකපිට අත්අඩංගුවට සැකකරුවකු අධිකරණයට පවසා ඇත්තේ තමාට කෘර වදහිංසා කර බලෙන් කටඋත්තර ගත් බවයි.
කොටකෙතන, ඕපාත, වරාපිටිය, දිඹුල්වල ගම් හතරක දී මෙම ඝාතන
සිදුවීම නිසා ජනජීවිතය අවුල්වී තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකාය, පොලිස් මුරපොළ හා වෙස්වළාගත් පොලිස් කණ්ඩායම් ගණනාවක් දිවා රෑ යොදවා සිටියදී නාඳුනන පුද්ගලයකුට ගමට ඇතුළු වීමට ඉඩක් නැති බව ගැමියෝ කියති.
 ගමට ඇතුළු වන හැම කෙනකුම තම අනන්‍යතාවය සඳහන් කළ යුතු බවත් එසේ නොකර ඇතුළු වීමට ඉඩක් නැතිව තිබියදී කාන්තාවන් මරා දැමීම බලවත් අභිරහසක් බවත් ගැමියෝ පවසති.

Gossip Lanka Hot News Previous News Archive