රටවල් 99ක සහය ශ්‍රී ලංකාවට -එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව 99 Countries Support Sri Lanka at the UN Human Rights Summit in Geneva.


ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී චීනය, රුසියාව, ඉරානය, පාකිස්තානය ඇතුළු රටවල් 99ක සහයෝගය ශ‍්‍රී ලංකාවට ලැබී ඇත. ඇමරිකාව, බි‍්‍රතාන්‍ය කැනඩාව,  ඕස්ටේ‍්‍රලිායව ඇතුළු රටව්ල කිහිපයක් ශ‍්‍රී ලංකාවට එරෙහිව චෝදනා නඟා තිබේ.

මෙහිදී ඉන්දියානු නියෝජිතයා පවසා ඇත්තේ මානව හිමිතම් උල්ලංගණය වීම ගැන ශ‍්‍රී ලංකා රජය නිසි ලෙස පරීක්‍ෂණ පැවැත්විය යුතු පවයි.

බෙනින් රාජ්‍ය, ඉන්දියාව සහ ස්පාඤ්ඤය යන රටවල් විසින් ශ‍්‍රී ලංකාවට එරෙහිව යොමු වී ඇති වාර්තා 46ක් සම්බන්ධයෙන් හෙට දිනයේ සිය තීන්දුව
ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.
මෙවර සමුළුවේදී අන්තර්වාර ඊළාම් ආණ්ඩුව නැමැති සංවිධානයටද ශ‍්‍රී ලංකාවට එරෙහිව කරුණු දැක්වීමට අවස්ථාව ලැබී ඇත. එහි නියෝජිත වාසුකි තංගරාජා නැමැති අය මෙහෙිදී කරුණු දක්වා ඇත.

Gossip Lanka Hot News Previous News Archive