අසභ්‍ය චිත‍්‍රපට නළුවන්ට කොන්ඩම් අනිවාර්යයි,Actors in adult movies to wear condoms



වැඩිහිටි චිත‍්‍රපට වල රඟපාන නළු නිළියන්ට දර්ශන ඉදිරිපත් කිරීමේ දී කොන්ඩම් භාවිතය අනිවාර්ය කරන නීතියක් ලොස් ඇන්ජලීස් හිදී සම්මත කිරීමට ඡුන්දයක් මගින් හැකි වී ඇත.  ඇමරිකානු අසභ්‍ය චිත‍්‍රපට නිෂ්පාදකයන් කුපිත වී මෙම නීතිය ආණ්ඩුක‍්‍රම විරෝධී යයි පවසමින් උසාවි යාමට සැරසෙති.
වැඩිහිටි නිෂ්පාදන හා විනෝද ව්‍යාපාර සංගමය යයි හදුන්වා ගන්නා සංවිධානයක් නළුවන්ට මෙසේ කොන්ඩම් පැලඳීම අනිවාර්ය කිරීමෙන් අසැබි චිත‍්‍රපට් නිෂ්පාදනය  කල නොහැකි ඇති වනු ඇතැයි කියන බව AFP වාර්තා කරයි.

ඇමරිකාවේ මිලියන ගණන් වල ව්‍යාපාර සිදුවන මෙම කර්මාන්ත කරුවන් බිය වන්නේ කොන්ඩම් භාවිතා කරන චිත‍්‍රපට නැරඹීමට පේ‍්‍රක්ෂකයන් අකමැති වනු ඇති බවටයි. කොන්ඩම් යෝජනාව සම්මත කිරීමට ලැබුනු 55.9% වූ ඡන්ද ප‍්‍රතිශතය AIDS සෞඛ්‍ය පදනමේ මහත් සතුටට හේතු වී ඇත.
රඟපාන්නෙකුට HIV ඇතැයි සොයා ගැනීමෙන් පසු ඇතැම් ප‍්‍රධාන පෙලේ නිෂ්පාදකයන් සතියක් පමණ චිත‍්‍රපට නවත්වා තිබුනි. සංගමය කියා සිටියේ එය වාර්තාවේ වරදක් බවයි. 2010 දී අසැබි නළු ඩෙරික් බර්ට්ස් HIV ආසාදිත බව තහවුරු වූ අතර 2004 දී සිවු දෙනෙක් HIV ආසාදිත බව හෙලි වීමෙන් ද මෙසේ නිෂ්පාදන නතර විය
 මූලාශ‍්‍ර – 01

Gossip Lanka Hot News Previous News Archive