තුන් ඉරියව් ශූරයන් අතර Angelo Mathews 5 වැනි ස්ථානය


ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසානයත් සමගම එක්දින තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන ක්‍රීඩක ලැයිස්තුවේ 5 වැනි ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා උපනායක ඇන්ජලෝ මැතිව්ස් සමත්ව සිටියි.
මේ වන විට ලකුණු 325ක් ලබා සිටින මැතිව්ස්ට ඉහළින් සිවුවැනි ස්ථානය ලකුණු 326ක් ලබා සිටින පාකිස්තානයේ ෂහිඩ් අෆ්රිඩිට හිමිවී තිබේ.

මෙම ලැයිස්තුවේ මුල් ස්ථාන තුන බංගලිදේශයේ සකිබ් අල්හසන් (447), පාකිස්තානයේ මොහොමඩ් හෆීස් (413) සහ ඕස්ට්‍රේලියාවේ ෂේන් වොට්සන් (395) හිමිවී තිබේ.
මේ අතර එක්දින තරගාවලිය 3-0ක් ලෙස ජයගත් ශ්‍රී ලංකාවේ ලකුණු සංඛ්‍යාව 109 දක්වා ඉහළ ගියද තවමත් පසුවන්නේ 5 වැනි ස්ථානයේයි.

තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම
1. සකිබ් අල්හසන් (බංගලිදේශය)447
2. මොහොමඩ් හෆීස් (පාකිස්තානය)413
3. ෂේන් වොට්සන් (ඕස්ට්‍රේලියාව)395
4. ෂහිඩ් අෆ්රිඩි (පාකිස්තානය)326
5. ඇන්ජලෝ මැතිව්ස් (ශ්‍රී ලංකාව)325


Gossip Lanka Hot News Previous News Archive