ෆොන්සේකා මුල මතක නැති ගුණමකුවෙක් – Arjuna, Tiran

 ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ මහ ලේකම් ධූරයෙන් ඉවත්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ටිරාන් අලස් හා අර්ජුන රණතුංග ලිපි දෙකක් එම පක්ෂයේ නායක සරත් ෆොන්සේකා වෙත යවා තිබෙන අතර ඒ මගින් ෆොන්සේකාගේ ක‍්‍රියා කලාපය විවේචනයට ලක් කර තිබේ.

තමන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයෙන් ඉවත් වුවත් මැතිවරණයට ඉදිරිපත්වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය තුළ තවදුරටත් රැදී සිටිමින් කටයුතු කරන බවද ඔවුන් සදහන් කරයි.


තමා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වීම සදහා යැවූ ලිපිය නොලැබුණ බවට ෆොන්සේකා විසින් එවූ ලිපිය තමාට ලැබුණේ එය මාධ්‍යයට නිකුත් කර පැය විසි හතරක් ගතවීමෙන් පසුව බව ටිරාන් අලස් විසින් යැවූ ලිපියේ සදහන් වෙයි.

”2010 වසරේ පෙබරවාරි මස අටවැනිදා සිට 2012 මැයි මස 21 වැනිදා වන තෙක් ෆොන්සේකා සිරගතව සිටි කාලයේදී ඔබ වෙනුවෙන් සහ ඔබගේ පවුල වෙනුවෙන් මා කළ සේවය සහ කැපකිරීම මාස තුනක් වැනි සුළු කාලයක් තුළදී ඔබට අමතක වූවානම් 2012 සැප්තැම්බර් මස 3වැනිදා සවස හයට ඔබගේ නිවසට පැමිණ ඔබ අතට භාරදුන් ලිපිය ඔබට අමතක වීම ගැන මවිතයට පත් නොවෙමි. 2010 වසරේදී මා සතුව පැවති පක්ෂයේ නම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය නමින් වෙනස් කර ඔබ සමැයට තරග කිරීමට අවස්ථාවක් ලබා දෙමින් ඔබගේ ජයග‍්‍රණය තහවුරු කිරීමටත්, පසුව ඔබගේ නිදහස තහවුරු කිරීමටත් මා ඉටුකළ කාර්ය භාරය දන්නා ජනතාව ඔබ කෘතඥතාවය දක්වන ආකාරයත් මා කෘතඥතාවය දක්වන ආකාරයත් හොදින් අවභෝධ කරගෙන ඇති බව මට විශ්වාසය.” ටිරාන් අලස් විසින් යවන ලද ලිපියේ සදහන් වෙයි.

තමා කෘතඥතාවය උගත්තේ ජනතා සේවයට දිවි හිමියෙන් කැපවූ සිය පියාගෙන් බවත් ෆොන්සේකා සදහන් කරන කෘතඥතාවය හා තමා උගෙන ඇති කෘතඥතාවය අතර ඇති වෙනස තමා නොදන්නා බවත් අර්ජුන රණතුංග විසින් යැවූ ලිපියේ සදහන් වේ.

අලූත් මිනිසුන් සමග අලූත් ගමනක් යෑමට සැරසෙන ෆොන්සේකාට තමන් සුභපතන බවද අර්ජුන රණතුංග විසින් යැවූ ලිපියේ වැඩිදුරටත් සදහන් වේ.

Gossip Lanka Hot News Previous News Archive