ජස්ටින් බීබර් ගේ Baby , GANGNAM STYLE එකට පරදියි

මේ වන විට ලොවපුරා උන්මාදයක් ලෙස පැතිර යන දකුණු කොරියානු ජාතික රැප් ගායක සයි ගේ ගන්ග්නම් ස්ටයිල් වීඩියෝව පසුගියදා වැඩිම ප‍්‍රමාණයක් නැරඹූ යූ ටියුබ් වීඩියෝව බවට පත්ව ඇතැයි වාර්තා වේ.

පසුගිය 24දා වන විට මිලියන 803කට වැඩි පිරිසක් නරඹා තිබූ ගන්ග්නම් ස්ටයිල් මෙම සන්ධිස්ථානයට පැමිණියේ මීට කලින් වැඩිම ප‍්‍රමාණයක් නැරඹූ යූ ටියුබ් වීඩියෝව ලෙස සටහන් වූ ජස්ටින් බීබර් ගේ බේබි වීඩියෝව ද අභිබවා යමිනි.


ගන්ග්නම් ස්ටයිල් ගීතය එළිදැක්වූයේ පසුගිය ජූලි මාසයේදීය.

සයි (PSY) ලෙස හැඳින්වෙන පාක් ජේ සැන් නම් මෙම රැප් ගායකයා, මේ මාසයේදී දකුණු කොරියාවේ සංස්කෘතික අංශය වෙනුවෙන් පිදෙන ඉහළතම ගෞරව නාමයක් වන Okgwan Order of Cultural Merit ගෞරව නාමයෙන් පිදුම් ලැබූ බවද විදෙස් වාර්තා වල දැක්වේ.

පසුගියදා සී එන් එන් පුවත් සේවය සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී සයි පවසා තිබුනේ තමාගේ මීළඟ ගීතයේ පද ඉංගී‍්‍රසී හා කොරියානු භාෂා වල මිශ‍්‍රණයක් වන බවයි.


Gossip Lanka Hot News Previous News Archive