පළමු සමලිංගික සෙනට් සභිකයා ඇමෙරිකාවෙන් -Baldwin is selected the first openly gay senator


ඊයේ (06) පැවැත්වුනු ඇමෙරිකාවේ ජනපතිවරණයෙන් බැරැුක් ඔබාමා හට අත්වූ ජයග‍්‍රහණයත් සමග ඩෙමොක‍්‍රටික් පක්ෂයට හිමිවූ තවත් විශේෂ පුවතක් පිළිබඳ විස්කොන්සින් ප‍්‍රාන්තයෙන් වාර්තා වේ.

ඒ විස්කොන්සින් ප‍්‍රාන්තයෙන් සෙනට් සභාවට තේරි පත්වූ ටැමී බෝල්ඞ්වින්, ඇමෙරිකාවේ පළමු සමලිංගික සෙනට් සභිකයා ලෙස ඉතිහාසගත වීමයි.

ඇය, විස්කොන්සින් ප‍්‍රාන්තයෙන් සෙනට් සභාවට තේරි පත්වූ පළමු කාන්තාව ලෙසද ඉතිහාසයට එක් වේ.


සිය ජයග‍්‍රහණයෙන් පසුව අදහස් දැක්වූ 50 හැවිරිදි ටැමී පවසා ඇත්තේ තමා තරගවැදුනේ ඉතිහාසගත වීමට නොව ජීවත් වීමට වෙර දරණ ජනතාවගේ ජීවත වලට වෙනසක් ගෙන ඒම වෙනුවෙන් බවයි.


Gossip Lanka Hot News Previous News Archive