දියණියට මත්පැන් පෙවූ දෙමව්පියෝ

මවුපියවරු කී සැණින් දරුවන්ට යහමඟ පෙන්වන පවුල් සංස්ථාවක ප්‍රධානීහු වෙති.
ඔවුහු තමන්ගේ දරු දැරියන්ට පමණක් නොව මුළු සමාජයේම වෙසෙන දරුවන්ට ආදරය කරන්නෝ වූහ.
එහෙත් අද වන විට මවුපිය සෙනෙහසද වියැකී යමින් පවතින බව අප සමාජ වටපිටාවේ සිදුවන කරුණු කාරණා දෙස බලන විට පැහැදිලිව පෙනේ.
ඉකුත් දිනෙක අපට ලැබුණු පුවතක් ඔබට කෙසේ කීවත් ඇදහිය නොහැකි වනු ඇත.
එහෙත් එය ඔබ හමුවේ තැබීමට අපි අදහස් කළෙමු.

පසුගිය දිනෙක මීගස්තැන්න පොලිසියට අමුතු තාලේ ඔත්තුවක් ලැබිණි. එයින් කියැවුණේ පාසල් වයසේ දැරියක මත්වී සිටින පුවතකි.
පොලිසියේ නිලධාරීහු කිහිපදෙනකු වහාම ඔත්තුවෙන් කියැවුණු ස්ථානය සොයා පිටත් වූහ.
අදාළ ස්ථානයට ගොස් බලන විට පාසල් වයසේ හුන් දැරියක තදින් මත්වී සිටිනු දැක ඇයව වත්තන් කර ගෙන රෝහලට ගෙන ගොස් පොලිස් පරීක්ෂණ ඇරැඹූහ.
මෙම පොලිස් පරීක්ෂණ අනුව හෙළි වූ පුවත අතිශයින් වේදනාකාරීය, ඛේදජනකය.

පාසල් වයසේ හුන් දැරියගේ මවුපිය යුවළ උග්‍ර ලෙස මත්පැන් බීමට ගිජු වූවෝය. එම මවුපිය යුවළද රතු රූල පනින්නට මත්පැන් බීවෝය.
එසේ මත්පැන් බිව් මවුපිය දෙපොළ තම තමන්ලා සිය ජීවිත මතට හුරු කර නිහඬ වූ බවක් නොපෙනුණි. මතින් මත්ව සිටි මවුපිය දෙපළ තමන්ගේ පාසල් වයසේ සිටි දියණියටද මත්පැන් පෙව්වේ කිසිදු හිරිකිතයක් නොමැතිවය.

පොලිසියට මෙම තිදෙනාම රෝහල් ගත කර ඔවුන්ගේ මත පහකරලීමට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදී දෙවනුව කළ විමර්ශන කටයුතුවලදී මෙකී ශෝකාන්තය අනාවරණය විය.
අන්තිමේ මවුපිය දෙපොළ අධිකරණය වෙත යොමු කිරීමෙන් පසු තමනුත් මත්පැන් බී දියණියටත් මත්පැන් පෙවූ වරදට ඔවුන් රිමාන්ඩ් බාරයට පත් කෙරිණි

Gossip Lanka Hot News Previous News Archive