ගංජා ගසා බඩු විකුණති

අනුරාධපුර මහජන පොළේ ‍සමහර වෙළෙන්දෝ පාරිභෝගිකයන්ට බඩු විකුණන්නේ ගංජා ගසා බව වාර්ථා වේ. මේ බව අනාවරණය වූයේ ඊයේ (11) පෙරවරුවේ අනුරාධපුර ‍, උලුක්කුළම පොලිස් විශේෂ කාර්‍ය බලකා සෙබලුන් මෙම පොළේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීය.

එහිදී මෙම වෙළෙඳුන්ට බෑගයක ගංජා දමා ගෙන අලෙවි කරමින් සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරී‍මේදී මෙම සිද්ධිය අනාවරණය වී තිබේ. සැකකරු ළඟ තිබූ බෑගයේ ග්‍රෑම් 50ක් පමණ බරැති ගංජා පැකට් 30ක් තිබී සොයා ගෙන තිබේ. සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා අනුරාධපුර මූලස්ථාන පොලිසියට භාර දී ඇත.

Gossip Lanka Hot News Previous News Archive