වැලිකඩ බන්ධනාගාර ජේලර්ලා උදව් කරලා

බන්ධනාගාර සිද්ධියේදී සිරකරුවෙන්ගේ පැත්ත ගත් බන්ධනාගාර නියාමකයන් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ. මේ අතර කැරැල්ල සිදුවන අවස්ථාවේ කැරලිකරුවන් සැඟවීමට පවා උදව් දුන් දුෂිත නිලධාරීන් සිටියදී වැරදි නොකළ නියාමකයන් දෙදෙනෙකුගේ වැඩතහනම් කිරීම සමිබන්ධව බන්ධනාගාර නියාමකවරුන් මේ වන විට විරෝධය පළකරමින් ඇත.
සිද්ධිය හේතුවෙන් වැඩතහනමට ලක් වූ බන්ධාගාර නියාමකයන් දෙදෙනා යළි සේවයේ පිහිටුවීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් ඉටුකරන ලෙස බල කරමින් වැඩවර්ජනයක් පැවැත්වීමටද බන්ධනාගාර නියාමකවරු සැරසෙති.

ඒ අනුව ලබන 19 වැනිදා සිට සියලූම බන්ධනාගාර නියාමකයන් සේවයෙන් ඉවත් වී විරෝධය පෑමට තීරණය කර ඇතැයි බන්ධනාගාර නිමයාමකවරුන්ගේ අයිතිය සුරැුකීමේ සංවිධානය අදාළ බලධාරීන්ට දැනුම් දී ඇති බව එම සංවිධානයේ ප‍්‍රකාශකයෙක් රිවිරට පැවැසීය.
මේ සම්බන්ධව සියලූම බන්ධනාගාරවලට අත්පති‍්‍රකා බෙදා හැරීමටද ඊයේ වන විට කටයුතු යොදා තිබුණි.
බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් පී. ඩබ්ලිව්. කොඩිප්පිලි මහතාගේ නියාමකවරුන් වන රත්නායක හා මදුෂංක යන දෙදෙනාගේ සේවය ඊයේ අත්හිටුවා ඇත. එම නිලධාරීන් දෙදෙනාගෙන් නියාමක මදුෂංක වෙත එල්ලකර ඇති චෝදනා වී ඇත්තේ වැලිකඩ සිද්ධියේදී තුවාල ලද තම නිලධාරීන් ඉක්මණින් රෝහලට රැුගෙන යාමට ගිලන් රථයක් ගෙන්වා දෙන්නැයි ඉල්ලා පොලිස් විශෙෂ කාර්ය බළකායේ නිලධාරීන් සමග බහින්බස් වීමේ චෝදනාවයි. අනෙක් නියාමකවරයා වන රත්නායකට එල්ල වී ඇති චෝදනාව වී ඇත්තේ එම සිද්ධිය වන අවස්ථාවේ පොලිස් නිලධාරීන් වෙත දැක්වූ කරුණු විද්‍යුත් මාධ්‍ය ඔස්සේ පළවීමේ චෝදනාවයි.

රැඳවියන් 27 දෙනා මේ වන විට හදුනාගෙන ඇති අතර ඔවුන්ගේ නම් මෙසේය.
  1. වර්ණකුලසූරිය මුදියන්සේලාගේ සරත් විඡේසූරිය
  2. සුසන්ත ද සිල්වා
  3. දොන් ගයන්ත පුෂ්පකුමාර
  4. මොහොමඩ් රන්සදිත නවුෆර්
  5. ගමගේ සමන්ත ප්‍රනාන්දු
  6. පැලවෙල විතානගේ දොන් සමීර මලිත් විඡේසිංහ
  7. දේවරාජා මල්වරගේ සුගත් කුමාර
  8. වැලිගම තුප්පහිගේ අසංක උදය කුමාර
  9. වල්ලගේ ලලන්ත විඡේසිරි
  10. කහන්කලු පෝෂාරච්චිලාගේ ප්‍රියන්ත
  11. රණසිංහ ආරච්චිලාගේ ජනක ලසන්ත
  12. අසිත සංජීව දිසානායක
  13. දිලුත් සංජීව රාජපක්‍ෂ
  14. රත්නවීර පටබැඳිගේ ලෙස්‌ලි
  15. රාමනාදන් පාල පෙරුමාල්
  16. ලියනආරච්චිගේ අනුර
  17. අසුරප්පුලිගේ ජෝතිපාල නොහොත් කොන්න කපිල. (මරණීය දණ්‌ඩනයට නියම වී ඇත/ මිනීමැරීම)
  18. කංකානම්ලාගේ මලින්ද නිලේන්ද්‍ර පැල්පොල නොහොත් මාලන් (මරණීය දණ්‌ඩනයට නියම වී ඇත/ මිනී මැරුම්) අනුෂා සෙනාලිගේ කලින් සැමියා
  19. හර්ෂ මංජු ශ්‍රී මනකීර්ති පෙරේරා (කෝට්‌ටේ රජමහා විහාරයේ භික්‍ෂු ඝාතන සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනාගෙන් අයෙකි.)
  20. නිර්මල අතපත්තු (මත්කුඩු සම්බන්ධයෙන්)
  21. තුෂාර චන්දන නොහොත් කලු තුෂාර (මිනී මැරුම් හා මංකොල්ලකෑම්)
  22. ආර්. ප්‍රසන්න පෙරේරා (මාලිගාකන්ද මහෙස්‌ත්‍රාත් අධිකරණයේ සිර මැදිරිය කඩා පැනයැම)
  23. මොහොමඩ් විජය රෝහණ නොහොත් ගුණ්‌ඩු (ජීවිතාන්තය දක්‌වා සිර දඬුවම් නියම වී ඇත)
  24. මලිත් සමීර පෙරේරා නොහොත් කොණ්‌ඩ අමිල (ආයුධ සහ කුඩු සඳහා සිර දඬුවම්)
  25. ඒ. එම්. තිස්‌ස කුමාර (ස්‌ත්‍රී දූෂණ සඳහා සිර දඬුවම්)
  26. ටී. එම්. ලෙස්‌ටර් ද සිල්වා (මරණීය දණ්‌ඩනය නියම වී ඇත)
  27. එම්. සලාල්දීන් මොහොමඩ් අස්‌වර්ඩීන් (සිර දඬුවම්)

Gossip Lanka Hot News Previous News Archive