මල්ශාලාව ගැහැනු-පිරිමි මිනී මාරුකරලා

රාගම රෝහලේදී මියගිය කාන්තාවකගේ හා පිරිමියකුගේ මළ සිරුරු දෙකක් මල් ශාලා මඟින් ඔවුන්ගේ නිවෙස්වලට ගෙන යෑමේදී සිදුවූ ප්‍රමාද දෝෂයක් නිසා, සංවේගදායක අවස්ථාවක් කෝපයකට පරිවර්තනය වී ගුටි - බැට හුවමාරුවකට පෙරැළීමේ අවාසනාවන්ත සිද්ධියක් රාගම සමඟි මාවතෙන් වාර්තා වෙයි.


මෙම මළ සිරුරු දෙකේම හිමිකරුවන් රාගම සමඟි මාවතේ අය වන අතර, රාජම්මා (65) නමැති කාන්තාවගේ සිරුර බාරගත් මල් ශාලාව එම සිරුර රංජම්මාගේ නිවෙසට ගෙන ඒමට පෙර පිරිමියාගේ සිරුර බාරගත් මල් ශාලාව වැරැදීමකින් එම සිරුර රාජම්මාගේ නිවෙසට ගෙන ගොස් ඇත.

පෙට්ටිය නිවෙසේ තැන්පත් කරද්දී දූ දරුවන් හඬා වැලපෙන්නට වූ අතර පෙට්ටිය විවෘත කර බලද්දී දුටුවේ අසල්වැසි පිරිමියකුගේ සිරුරකි. සිද්ධියෙන් බලවත් ලෙස කෝපයට පත් රැස්ව සිටි පිරිස සිරුර ගෙන ආ පුද්ගලයන්ට පහර දී ඇත.

ඒ අතරතුර මියගිය පිරිමියාගේ නිවෙසට අනෙක් මල් ශාලාව විසින් කාන්තා මළ සිරුර ගෙන යෑම නිසා එම නිවෙසේද පෙරකී තත්ත්වය උදාවූ අතර, අවසානයේ මල් ශාලා විසින් එම නිවැසියන්ගෙන් සමාව ගෙන මළ සිරුර මාරු කර සිද්ධිය සමථයකට පත් කරගෙන ඇත.

Gossip Lanka Hot News Previous News Archive