මවගේ දෑස් බැඳ දුවට අතවර කල දේවගැතියා අත්අඩංගුවට

හූනියමක් කැපීමේ මුවාවෙන් දහඅට හැවිරිදි තරුණියකට අතවරයක් සිදුකළේ යැයි කියන මීගමුව ප‍්‍රදේශයේ දේවගැතිවරයෙක් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ ප‍්‍රදේශයේ පදිංචි තරුණියකගෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව මෙම වැටලීම සිදුකෙරිණි. අත්අඩංගුවට ගැනුණු තිස්නව හැවිරිදි සැකකරු දෙදරු පියෙකු යයි ළමා හා කාන්තා කාර්යාංශය කියයි.



දිගු කලක් තිස්සේ දැඩි හිසරදයකින් හා බඬේ අමාරුවකින් පෙළුණු බව කියන මෙම තරුණිය මෙම ස්ථානයෙන් පේනයක් බැලීමෙන් පසු ඇයට හූනියමක් කර ඇති බැවින් වතාවත් කිරීමට අවශ්‍ය යැයි මෙම සැකකරු පවසා ඇතැයි කියති.

ඒ අනුව මෙම තරුණිය සිය පියා හා මව සමග නියමිත දිනයේ දහවල් 2ට පමණ සැකකරු පදිංචි කුලී නිවසට පැමිණි පසු ඔහුගේ උපදෙස් මත පසුදින අලූයම 2 පමණ වනතුරු රැුඳී සිට ඇත. පියා කාමරයෙන් එළියට යවා ඇති සැකකරු තරුණියගේ මවගේ දෑස් බැඳ කාමරයේ බිත්තිය දෙස බලාගෙන දුවණිය වෙනුවෙන් යාඥා කරන්නැයි උපදෙස් දී ඇති බවත් ඉන්පසුව තරුණිය නිරුවත් කර විවිධ යාතිකා හා දේව මෙහෙය කරන මුවාවෙන් ඇයට අතවර කර ඇති බවත් හෙළිවී ඇතැයි පොලිසිය කියයි. මෙසේ අතවර කරන ලැබූ කාලය තිස්සේ ආගමික ගීතිකා අඩංගු සංයුක්ත තැටියක් වාදනය කර ඇති බවද ඔහුගේ කටයුතු රිසිසේ කරගැනීමේ පහසුව පිණිස මෙම තැටිය වාදනය කර ඇති බවද පොලිසිය සඳහන් කරයි.

Gossip Lanka Hot News Previous News Archive