මහකනදරාවේ අන්ධයාට වෙඩි තබා මරා දළ කපාගෙන යති

දීග ජන්තුටත්' වෙඩි වැදී අසාධ්‍යයි
'මහකනදරාවේ අන්ධයා' නමින් ප්‍රකටව සිටි දළ ඇතා මීට දින හතරකට පෙර වෙඩි තබා ඝාතනය කර දළ දෙක කපාගෙන ගොස්‌ ඇති බව වනජීවි නිලධාරීහු ප්‍රකාශ කරති.

”අන්ධයා” මැරූ ඔත්තුවට දෙලක්ෂයක් තෑගි
  මැදවච්චිය ඇටඹගන්කඩ හා කුඩාවැව සැරිසැරූ මහකනදරාවේ අන්ධ ඇතා වෙඩි තබා මරා දැමූවන් ගැන තොරතුරු දෙන අයට වනජීවී භාරකාර අමුදලින් රුපියල් දෙලක්ෂයක තෑග්ගක් දීමට තීරණය කරයි. ඇතාගේ දළ දෙකද කපාගෙන ගොස් ඇත.


මියගිය දළ ඇතාගේ සිරුර මැදවච්චිය, කොන්වැව ප්‍රදේශය ආසන්නයේ තිබී 11 දා දහවල් සොයාගෙන ඇත. ඇස්‌ අන්ධවීම නිසාම මේ දැවැන්තයා දෙස්‌ විදෙස්‌ සංචාරකයන්ගේ ආදරයට පාත්‍රව සිටියේය.

මේ අතර කලාවැවේ සිටි "දෙවන දීග ජන්තු" නමැති දළ ඇතාට වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලබා කලාවැව රක්‍ෂිතයේ සිටියදී 11 දා පස්‌වරුවේ වනජීවි නිලධාරීන්ට හමුවී තිබේ. අඩි 6 1/2 ක්‌ පමණ උසැති මෙම දළ ඇතාගේ වම්පස පසු පාදයට වෙඩි වැදී ඇති බවත් දින 4-5 කට පමණ පෙර මෙසේ වෙඩි වැදී ඇති බවත් වනජීවි නිලධාරීහු කියති. වයඹ කලාප භාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඇතුළු වනජීවි නිලධාරීන් පිරිසක්‌ 11 දා පස්‌වරුවේම ඇතා සිටින ඉසව්ව සොයාගෙන ගොස්‌ ප්‍රතිකාර කටයුතු ආරම්භ කර තිබේ.

Gossip Lanka Hot News Previous News Archive