ෆේස්බුක් මිනී මැරුමක්,

ජනවාරි මාසයේ ගැහැණු ලමයෙකු මරා දැමීම සදහා තුන්වැන්නෙකු මෙහෙය වූ ලන්දේසි ජාතික බාල වයස්කරුවන් දෙදෙනෙක් වසර දෙකක් පරිවාස බාරයේ තැබීමට නියම විය.

මොවුක් දැරිය මරාදැමිමට සැලසුම් කර ඇත්තේ දෙදෙනාගේ ෆේස්බුක් හි කල නොමනා ලිංගික ක‍්‍රියාවන් ප‍්‍රචාරය කිරිම නිසාය.


16 වියැති තරුණියක් හා ඇයගේ කලින් පෙම්වතා වූ 18 වියැති තරුණයෙක් මෙසේ වසර 2 ක බාලාපරාධ පරිවාස භාරයටද වසර 3ක් අනිවාර්ය මානසික ප‍්‍රතිකාර සදහාද යොමු කරනු ලැබුණි.

එකල වසර 16 හා 17 වයස් වල සිටි චූදිතයන් දෙදෙනා 15 හැවිරිදි වින්සි ඝාතනය කිරිමට වයස 14ක් වූ ජින්හාවු නම් තරුණයා යොදවා ඇත. මුදල් දීමේ පොරොන්දුව මත මෙය සිදුකර ඇති මුත් තමාට මුදල් නොදුන් බවත් ඒ සදහා බල කල බවත් ජින්හාවු කියා සිටියේය.

ඝාතනය වූ දැරියගේ පියාද පිහියෙන් ඇනීමේදි බේරා ගැනීමට ගොස් තුවාල ලබා සිටින අතර ඔහු කියන්නේ මෙම දඩුවම හාස්‍යජනක බවයි.

පැමිණිලි පක්ෂය වසර 5ක සිර දඩුවමක් සහ බලහත්කාර ප‍්‍රතිකාර ලබා දීමට ඉල්ලා සිටියද සැකකරුවන්ගේ පෞරුෂත්වයන් අසාමාන්‍ය නිසා ඔවුන් පරිවාස භාරයට යැවීමට විනිසුරුවරුන් තීරණය කලහ.

මූලාශ‍්‍ර – 01

Gossip Lanka Hot News Previous News Archive