රතු වැස්සේ ජීවි කොටස් ? Red rain in Sri Lanka

පොළොන්නරුව, මනම්පිටිය, පදියතලාව හා සෙවණගල ප්‍රදේශවලට ඇද හැලුණු රතු වැස්ස පිළිබඳව කොළඹ වෛද්‍ය පර්යේෂණාගාරය පැවැත් වූ ජල සාම්පල පරික්ෂණවලට අනුව එම වතුරේ ජීව ක්‍රියාවලියක් තිබෙන බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටී. එම ජීව කොටස් බොහෝවිට ඇල්ගීකාර දිලීර විය හැකි බවට සැක මතුව ඇතැයි වෛද්‍ය පර්යේෂනාගාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරල් සමරනායක මහතා සඳහන් කරයි.
මෙම ජීවී කොටස් නිවැරැදිව හඳුනා ගැනීම සඳහා වැඩිදුර පරික්ෂණ කිරීමට නැනෝ තාක්ෂණ ආයතනයට හා කාර්මික තාක්ෂණික ආයතනයට යොමු කිරීමට කටයුතු යොදා ඇතැයි හෙතෙම අවධාරණය කළේය.

Older News For Red Rain

Gossip Lanka Hot News Previous News Archive