කෙසේ වුවද මෙය විඥනවාදී මිථ්‍යාවක් ලෙස බැහැර කළ පිරිසක්‌ද සිටියා. මෙය සත්‍යයක් ලෙස පිළිගෙන සයිබීරියාවේ කැණීම් භූමියෙන් පමණක් නොව තව තවත් ඒ කැණීම් භූමියේ කළ රැකියාවන්ගෙනුත් ඉවත්වී ගිය පිරිසක් සිටියා.
අද අප ඔබට කියන්නේ අපාය ගැන නොව අපායේ වතුර ගැනයි. මෙයට වසර 20 කට පමණ පෙර ඇන්ටාක්‌ටිකාවේ සිදුරක් කණිමින් සිටි පර්යේෂකයන් පිරිසක් කිලෝ මීටර් දෙකකටත් වැඩි ප්‍රමාණයක් හෑරීමෙන් පසු භූ ගර්භයෙහි සැඟවී තිබූ සුවිශාල මිරිදිය ජලාශයක් සොයා ගත්තා. මෙය වසර කෝටි දෙකකටත් වඩා පැරැණි ජල නිධියක් බව විද්‍යාඥයන්ගේ මතය වී තිබෙනවා. සයිබීරියාවේ පර්යේෂකයන්ට අපායේ හඬ අසන්නට ලැබුණේ කිලෝ මීටර් දෙකක භූ ගර්භ සීමාව ඉක්‌මවා ගිය විටයි. ඒ අනුව බොහෝ දෙනකු විමසන්නේ මේ ජලාශයේ ඇත්තේ අපායේ ජලය ද යන්නයි.
මේ භූගත ජල නිධියෙන් ජලය ලීටර් 40 ක් පමණ පිටතට ගැනීමට පර්යේෂකයන්ට හැකි වුණා. ඔවුන් භූගත ජලයේ මුල් සාම්පල කිහිපය පොළව මතට ගෙනෙන විට ඒවා අධික ශීතල නිසා අයිස් කැට බවට පත් වුණා. දැන් විද්‍යාඥයන් මේ කැණීම් බිමෙන් ඉවත්ව ගොස් සිටින අතර ආක්‌ටික් ප්‍රදේශයට ඊළඟ ගිම්හාන සෘතුව පැමිණි විගසම නැවත ඔවුන් පැමිණ ජලය පිටතට ගැනීමට පටන් ගන්නවා ඇති.
මේ පර්යේෂණ කණ්‌ඩායම් විද්වතකු වන කොලොම්බියා විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යාඥ රොබින් බෙල් කියන පරිදි ලෝකයේ ගැඹුරු තැනක ඇති මිරිදිය ජල නිධියකින් ජලය ලබා ගැනීමට විද්‍යාඥයන්ට හැකිවූ පළමුවැනි අවස්‌ථාව මෙයයි. විද්‍යාඥ පිරිසේ ප්‍රධානියා වන්නේ රුසියාවේ ආක්‌ටික් සහ ඇන්ටාක්‌ටික් පර්යේෂණායතනයයි. සඳ ජය ගැනීමට රුසියානුවන් සහ ඇමරිකානුවන් අතර, එක් කලෙක විශාල තරගයක් තිබුණා. මේ තරගයේ ජය ගත්තේ ඇමරිකාවයි. එහෙත් පෘථිවියේ ගැඹුරුම මිරිදිය විල සොයාගෙන එයින් ජලය උකහා ගැනීමේ තරගයේ ජයග්‍රහණය හිමිව ඇත්තේ රුසියාවටයි. ඇමරිකානුවන් කිහිපදෙනෙක් මේ පර්යේෂණ කණ්‌ඩායමට ඇතුළත්ව සිටියත් එහි නායකයා වන්නේ අප පෙර සඳහන් කළ රුසියාවේ ආක්‌ටික් සහ ඇන්ටාක්‌ටික් පර්යේෂණායතනයයි. එහි ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ වැලරි ලුකින් නමැති විද්‍යාඥයායි.
මේ ජල නිධියේ ඇති බැක්‌ටීරියා වර්ග වෙන් කර ගැනීමටත් විද්‍යාඥයන් කටයුතු කරගෙන යනවා. මනුෂ්‍යයාගේ අතීතය හෙවත් ජීවයේ සම්භවය පිළිබඳව මේ විලට කියන්නට ඇති කතාව කුමක්‌ද යන්න සොයා ගැනීමයි එහි අරමුණ.
භූගත ජල නිධියට රුසියන් විද්‍යාඥයන් නම් තබා ඇත්තේ වොස්‌ටොක් (Vostok) යනුවෙන්. මේ නම සහිත අභ්‍යවකාශ යානයක් සඳ තරණය වෙනුවෙන් රුසියාව සහ ඇමරිකාව අතර පැවැති තරගයේදී රුසියානුවන් විසින් අභ්‍යාවකාශ ගත කරනු ලැබ තිබුණා. මේ විල සැතපුම් 160 ක් දිග බවත් සැතපුම් 30 ක් පළල බවත් එය කැනඩාවේ ඹන්ටාරියෝ විල තරම් විශාල බවත් වාර්තා වෙනවා. පෘථිවි පෘෂ්ඨයට හරියටම සැතපුම් දෙකහමාරක් ගැඹුරින් එය පිහිටා තිබෙනවා. එහි ඇති ජලය උණුසුම් Geothermal ene හෙවත් භූගත ශක්‌තිය නමැති තාප සාධකය නිසයි මේ ජලය උණුසුම් වන්නේ. Geothermal නමැති තාප සාධකය අනාගත ලෝකයේ ශක්‌ති ප්‍රභවයක් ලෙස යොදා ගැනීම දැනටමත් පර්යේෂණ ඇරඹී තිබෙනවා. එනම්, භූ ගර්භය දක්‌වා යවන ලද තාප සන්නායක මගින් තාපය පෘථිවි පෘෂ්ඨයට ගෙන ඒ මගින් ශක්‌තිය නිපදවීමයි මේ ක්‍රියාවලියේ අරමුණ.
වොස්‌ටොක් විලට සැතපුම් දෙකහමාරක් උඩින් පෘථිවි තලය මත ඇති වොස්‌ටොක් පර්යේෂණ මධ්‍යස්‌ථානය ලොව වැඩිම ශීතලක් ඇති තැනක පිහිටි විද්‍යාගාරයක්. මෙහි උණුසුම සෘණ ෆැරන්හයිට් අංශක 128 යි. මේ ප්‍රදේශයේ අයිස් පෘෂ්ඨය යටින් පිහිටි භූගෝලීය තත්ත්වය සමාන වන්නේ අඟහරු පෘෂ්ඨයේ ධ්‍රැවවල ඇති අයිස් තට්‌ටුවටත්, බ්‍රහස්‌පති ග්‍රහයාගේ චන්ද්‍රයකු වන යුරෝපා සහ සිකුරු ග්‍රහයාගේ චන්ද්‍රයකු වන එන්සොලෝඩ්ස් මතුපිට ඇති අයිස් තට්‌ටුවලටත් පමණයි. ඒ නිසා මේ ප්‍රදේශයේ පර්යේෂණවල නිරත වීමෙන් ග්‍රහලෝක කිහිපයක සහ චන්ද්‍රයන් කිහිපදෙනකුගේ භූගෝලීය තත්ත්වය ගැන සොයා ගන්නට විද්‍යාඥයන්ට පුළුවන්.
- Divaina