මුත්තයියාගෙන් පස්සේ හොදම දඟ පන්දු යවන්නා රංගන

මුත්තයියා මුරලිදරන්ට පසුව ශ‍්‍රී ලංකාවේ සිටින දක්ෂතම දඟ පන්දු යවන්නා රංගන හේරත් බව ශ‍්‍රී ලංකා එක්දින හා ටෙස්ට් ක‍්‍රිකට් නායක මහේල ජයවර්ධන පවසයි.

ඔහු මේ බව පවසා ඇත්තේ ඊයේ (19) ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් ක‍්‍රීඩාංගණයේ පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.



‘‘මුරලිදරන්ට පසුව හේරත් නොසිටියේ නම් ටෙස්ට් ක‍්‍රිකට් තරග ජයගැනීමේ ශ‍්‍රී ලංකාවේ ස්ථිරභාවය ලබා ගැනීමට තවත් වසර ගණනාවක් ගතවීමට ඉඩ තිබු බවද’’ මහේල පැවසීය.

”හේරත්ට පළපුරුද්ද තියෙනවා. පිතිකරුවන් කරන්නේ කුමක්ද කියා වැටහීමක් තියෙනවා. ඔහු වගකීම කරට අරගෙන ක‍්‍රීඩා කළා,කණ්ඩායමේ අනෙක් දඟ පන්දු යවන්නා වන සුරාජ් රන්දිව් ද හොඳින් ක‍්‍රීඩා කළ බවත් ජයග‍්‍රහණය සඳහා කණ්ඩායම සටන් වැදුනු ආකාරය පිළිබඳව තමා ඉතාමත් සතුටට පත්ව සිටින බවද’’ මහේල පවසා ඇත.

වැඩිදුරටත් අදහස් දක්වමින් මහේල මෙසේද පැවසීය.

”හිතුවට වඩා ලෙහෙසියෙන් තරගය ජය ගන්න අපට පුළුවන් වුණා. ඇන්ජලෝ මැතිව්ස්ිබැට්’ කරපු විලාශය මට ලොකු පිටුවහලක් වුණා. ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේදී ඉවසීම අවශ්‍යයි.”

”දිමුත්ට තරංග පරණවිතානගෙන් හොඳ සහායක් හා උපදෙස් ලැබුනා. එස්.එස්.සී. කණ්ඩායමට ක‍්‍රීඩා කරද්දී දිමුත් ඉනිම ආරම්භ කරන්නේ තරංග එක්කයි. පළමු ඉනිමේදී අසාර්ථක වුනත් තමා දක්ෂ ආරම්භක පිතිකරුවෙක් බව දිමුත් දෙවැනි ඉනිමේදී පෙන්නුවා.” යැයි මහේල වැඩිදුරටත් අදහස් දැක්වීය.

Gossip Lanka Hot News Previous News Archive