පිරිමින් මදසරු බවට ගොඳුරුවීම ඉහළ ගිහින්, Male infertility rate increasing in sri lanka

මදසරු බවට ගොඳුරුවන (තම වර්ගයා බෝකිරීම) පිරිමින්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව මදසරු බව පිළිබඳ විශේෂඥ වෛද්‍ය මිල්හාන් පාශා මහතා සඳහන් කරයි.

මදසරු බවට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණෙන පිරිමින්ගෙන් 50%කටම හේතුව වී ඇත්තේ පරිසර දුෂණය බව හෙළිව ඇත.


පරිසරයේ පවතින වාහන දුම කර්මාන්ත ශාලාවලින් පිටවන දුම් හා විවිධ වර්ණකයන් කෘෂි රසායනික ද්‍රව්‍යවල අන්තර්ගත ආසනික් හා පැඩ්නියම් වැනි විෂ රසායනිකයන් ශරීරගත වී මිනිස් ශුකාණුවලට හානී කිරිමක් කරන බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

  මදසරුබාවය කෙරෙහි පුරුෂයාගේ බලපෑමපිළිබද ලිපියක් පහතින් වේ 


එච්.වී.එන්.එම්.හේවාවිතාරණ බී.ඒ.එම්.එස් ( කොළඹ )ප‍්‍රදර්ශක, දේශීය වෛද්‍ය විද්‍යා ආයතනය, කොළඹ විශ්ව විද්‍යාලය 2011-11-11


යුගදිවියට එලඹීමෙන් පසුව යුවලකගේ මීලග බලාපොරොත්තුව වනුයේ නිරෝගී දරුවකුගේ දරු සුරතල් බැලීමයි. මෙහිදී සමාජයේ විශේෂ අවධානය යොමුවන්නේ කාන්තාව දෙසටයි. මවක වීම කාන්තාවක වශයෙන් පරිපූණත්වයට පත්වීම මෙන්ම කාන්තාවකගෙන් වියයුතු විශාල වගකීමක් ඉටුකිරීමක් ලෙස සමාජය දකී.
කාලය ගතවීයත්ම තම බලාපොරොත්තු ඉටුනොවීමත් සමගම යුවලකගේ ජීවිත වලට සාමාජීය හා මානසික බලපෑම් ඇතිවීම ආරම්භවේ.මෙසේ දරුවකු පිළිසිද ගැනීමට කල් ගතවීමත් සමගම ‘‘දරු සම්පත් නොමැතිද?’’ යන ගැටළුව ඔවුන් ඉදිරියේ පැන නගී.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අර්ථ දැක්වීමට අනුව වන්ද්‍යාබාවය යනු ‘‘යුවලක් ක‍්‍රමානුකූල ලිංගික සමබන්ධතාවයක් පැවැත්වුවද අවුරුද්දක් ගතවන තුරුත් දරුවකු පිළිසිද නොගැනීමයි.’’
වර්තමාන ලෝකය තුල විවාහක යුවල සංඛ්‍යාවෙන් 30% කට ආසන්න ප‍්‍රමාණයක් දරුවන් නොමැතිවීමේ ගැටළුවට මුහුණදෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය දක්වයි.
දරුවන් නොමැති වීම පිළිබද ගටලුවේදී සමාජය තුල වඩාත් අපහසුතාවයට ලක්වනුයේ කාන්තාවයි.මෙහිදී වෛද්‍යවරයෙකු වෙත පළමුව යොමුවනුයේද කාන්තාවයි.නමුත් නවතම සොයාගැනීම් වලට අනුව වන්ද්‍යාබාවය සදහා පුරුෂ පාර්ශවයේ බලපෑම 30-35% ක් පමණ වන බව පැහැදිලිවේ.එසේම සෑම පුරුෂයින් 20ක ගෙන්ම එක් අයෙක් මදසරුබාවයෙන් පෙලෙන බව හදුනාගෙන ඇත. සමස්ථයක් ලෙස ගත්විට මෙය ඉතා විශාල සංඛ්‍යාවකි.
කලලයක් ඇතිවන්නේ ඩිම්බයක් හා ශුක‍්‍රාණුවක් එක්වීමෙනි.මේනිසා කලලයක් සෑදීමට පුරුෂයා 50%කින් දායක වන බව පැහැදිලිය. හොඳ තත්වයේ ශුක‍්‍රාණු නිපදවීම මෙන්ම ඒවා ස්තී‍්‍ර යෝනියෙහි ඉහල කොටසෙහි තැන්පත් කිරීමද පිරිමියාගේ වගකීමයි.
මේ හේතුවෙන් මදසරු යුවලක් පරීක්‍ෂා කිරීමේදී මුල්ම විශේෂ පරීක්ෂණ ලෙස පුරුෂයාගේ ධාතු ශක්තිය පරීක්ෂා කිරීම හා සංසර්ග ශක්තිය පිළිබදව අවධානය යොමුකිරීම ඉතා වැදගත් වනබව මෙම දත්ත අනුව පැහැදිලි වේ. ආයුර්වෙිද ශාස්තී‍්‍රය ග‍්‍රන්ථ බොහොමයක පුරුෂයින්ගේ මදසරුභාවය පිලිබදව කරුණු දක්වා ඇත. විශේෂයෙන් පුරුෂ ශුක‍්‍රයෙහි විශමතා සහ සංසර්ගයෙහි නොහැකියාවන් පිලිබදව කථාකරයි.

පුරුෂ වන්ද්‍යාබාවය ආයුර්වේදීය ශ‍්‍රාස්තී‍්‍රය ග‍්‍රන්ථ ඇසුරින්
කාශ්‍යප සංහිතාව හෙවත් වෘද්ධ ජීවක තන්ත‍්‍රය(මහාඍෂි මාරිව කාශ්‍යප*
සෑම ජාතියකම ස්වභාවයෙන්ම ආකෘති භේද ඇතවේ. සංයෝග,විභාග සහ චෙිෂ්ටා ඇති කරන්නාවූ වායුවෙි පරමාණු ස්වභාවයෙන්ම ඒවායේ ආකුංචන, ප‍්‍රසාරණ හේතුවෙන් කෝෂ්ටාංග,ප‍්‍රත්‍යංග,ධාතු,චේතනා සහ ස්‍රෝතස් වල විභාජනය කරයි. යම්කිසි ආකාරයකින් පුරුෂයා පුරුෂයෙකු උත්පත්ති කරයිද සහ ගවයා ගවයකු එසේම අශ්වයා අශ්වයෙකු උපදවයිද එම ආකාරයෙන් මිනිසුන්ගේද ගභ_ උපදවයි. ස්වාමියා සහ බිරිඳ යන දෙදෙනාගේ ස්වභාවය නොහොත් තමන්ගේ කම_වල ප‍්‍රමාණයෙන් යම්විටක දරුවන් ඇතිවේද ඔවුහු ප‍්‍රශස්ථ වේ. යම් විටෙක එය වෙනස් වෙයිද එනම් කිසියම් කරුණකින් ඇති නොවේද ඔවුනට චිකිත්සාව(ප‍්‍රතිකාර* කලයුතුයි.

‘‘තත‍්‍ර ද්වයොද_ම්පත්‍යො: ස්වභාවාත් ස්වකම_ පරිනාමාද්වා
ප‍්‍රජාභිවෘද්ධිභ_වති තෞ ධන්‍යෞ අථො අන්‍යතා භිෂජිත්ව්‍යො’’
(කාශ්‍යප සංහිතාව ශාරීර 4/3*

ගැබ්ගැනීම
සෘතු,බීජ සහ කාලයේ අපේක්ෂාවෙන් ගභ_ය ඇතිවේ.ඍතුවල නියමිත පරිදි ඇතිවීමෙන් පමණක්ම ගභෙ_ාත්පත්තිය ඇතිනොවේ. එහෙත් ඒ සමගම ස්ත_‍්‍ර පුරුෂ දෙදෙනාගේ ශෝණිත හා ශුක ශුද්ධ හා පූණ_ විය යුතුය.එවිට ගභ_ය ඇතිවේ.
(කාශ්‍යප සංහිතාව*

පුරුෂ වන්ද්‍යාභාවය ඇතිවියහැකි ආකාර
මෙහිදී ප‍්‍රධාන ආකාර දෙකක් දැක්වේ.
01. පුරුෂ ධාතුවල විෂමතා
02. සංසර්ගයේදී ඇතිවන විෂමතා

01.* පුරුෂ ධාතුවල විෂමතා
මෙයින් අදහස් කරන්නේ ධාතුවල ඇති ශුක‍්‍රාණු සංඛ්‍යාවෙන් හෝ ගුණාත්මක බවින් හෝ
ඒ දෙකෙන්ම අඩුවීමයි.
පිරිමි දරුවකු වැඩිවියට පත්වීමෙන් ආරම්භ වී පුරුෂයකුගේ ජීවිත කාලය තුලදී ස්වප්නයේදී, ස්වයංවින්දනයේදී, සංසර්ගය ආදී ලිංගික උතත්තේජනයන් වලදී ධාතු පිටවීම සිදුවේ. මෙහිදී පිටවන්නේ ශුක‍්‍ර තරලයයි. ලිංගය ප‍්‍රාණවත්වීම සහ ශුක‍්‍ර තරලය බැහැරවීම මැනවින් සිදුවීමෙන් දරුවකු බිහිකිරීමේ හැකියාව පුරුෂයකු සතුවන බව තීරණය කිරීම නිවැරදි නොවේ. මන්ද දරුවකු බිහිකිරීමේ හැකියාව ඇත්තේ ශුක‍්‍ර තරලය තුල ජීවීව පවතින ශුක‍්‍රාණුවල වීමයි. එබැවින් ශුක‍්‍ර තරලයෙහි ප‍්‍රමාණයෙන් ඒවායේ ගුණාත්මක බාවය තීරණය කල නොහැකි බව අවබෝධ කරගත යුතුය.



විශුද්ධ ශුක‍්‍රයෙහි ල ක්‍ෂණ

ආයුර්වේදයට අනුව දරුවකු බිහිකිරීමේ ශක්තිය ඇති ශුක‍්‍රය විශුද්ධ ශුක‍්‍රය ලෙස දක්වයි.
බාහිරව බැලීමේදී එම ශුද්ධ ශුක‍්‍රයට තිබිය යුතු ලක්‍ෂණ ආයුර්වේදයෙහි මෙසේ දක්වා ඇත.
‘‘ස්ඵටිකාභම් ද්‍රවම් ස්නිග්ධං මධුරම් මධුගන්ධිච
ශුක‍්‍රමිච්ඡුන්ති කේචිත්තු තෛලශෞද‍්‍රනිභං තථා’’
(සුශ‍්‍රැත ශාරීර 2/11*
පළිගුවලට සමාන පෙනීමෙන්(පැහැයෙන්* යුක්ත වූද
දියාරුවූද
සිනිඳුවූද
මිහිරි රසවත්වූද
මීපැණි වල සුවදට සමානවන සුවදින් යුක්තවූද
ශුක‍්‍රය අදුෂ්ට ශුක‍්‍රය වේ.
තෙල්වැනිවූත්
මීපැණි වැනි වූත්
ශුක‍්‍රයද විශුද්ධ යයි කියති.
මේ ලක්‍ෂණ පිළිබදව අවධානය යොමුකිරීමෙන් පුරුෂයෙකුගේ ධාතු ශක්තිය පිළබද දල අවබෝධයක් ලබාගැනීමට ඔවුනට හැකිවනු ඇත.
නමුත් වඩාත් වැදගත් වනුයේ විද්‍යානුකූල පරීක්‍ෂණ මගින් එහි ගුණාත්මක බව පිළිබදව නිගමනය කිරීමයි. මෙය ශුක‍්‍ර තරල විශ්ලේශණය:ීැපසබ්ක ත්‍කමසා ්බ්කහිසි* ලෙස හදුන්වයි.
ශුක‍්‍ර තරල විශ්ලේෂණය(ීැපසබ්ක ත්‍කමසා ්බ්කහිසි*
* ශුක‍්‍ර තරලයෙහි පරිමාව
එක් ශුක‍්‍රාණු මෝචනයකදී මිලි ලී: 1.0-6.5 ත් අතර තිබිය යුතුය
  *ද්‍රවණය වීමට ගතවන කාලය
මිනිතිතු 60ට වඩා අඩු වීම
* ශුක‍්‍රාණු සංඛ්‍යාව
මිලි ලීටරයක මිලියන 20-150 ත් අතර වියයුතුය
* ශුක‍්‍රාණු වල රූපාකාරය
පවතින ශුක‍්‍රාණු සංඛ්‍යාවෙන් 70% ක් නියමි රූපාකාරයෙන් යුක්ත වීම
* ශුක‍්‍රාණුවල චලන හැකියාව සාමාන්‍ය
අවම වශයෙන් ශුක‍්‍රාණුවලින් 60%ක් නියමිත චලන හැකියාව
සහිත විය යුතුය
අවම වශයෙන් ශුක‍්‍රාණු සංඛ්‍යාවෙන් මිලියන 08 ක් නියමිත චලන හැකියාව සහිත විය යුතුය
* ශුක‍්‍ර තරලයෙහි ච්‍ය අගය
7.1-8.0ත් අතර අගයක තිබිය යුතුය
*සුදු රුධිරාණු සංඛ්‍යාව
නැත
*ෆරක්ටෝස් (සීනි*
මෝචනය වන ශුක‍්‍රාණු මිලියන 100කට මිලිග‍්‍රෑම් 300ක් තිබිය හැක

02.* සංසර්ගයෙහිදී ඇතිවන විෂමතා


දරුවකු පිලිසිද ගැනීම සදහා ශුක‍්‍රාණු ඩිම්භයක් වෙත ලගාවිය යුතුය. ස්වභාවිකව මෙම කි‍්‍රයාදාමය සිදුවන්නේ ස්ති‍්‍රයක හා පුරුෂයෙකුගේ ලිංගිකව එක්වීමත් සමග ඇතිවන උත්තේජනයන් සමග ප‍්‍රාණවත්වූ ලිංගය යෝනිමාග_යට ඇතුල්කර එහි ඉහල කොටසෙහි ධාතු තැන්පත් කිරීමෙන් පසුව ගැබ්ගෙල හරහා පිහිනායන ශුක‍්‍රාණු ගර්භාෂය හරහා ගමන්කර පැලා්පීය නාලවලට ඇතුල් වී එහි කෙලවර 1/3 ක දුරකදී ඩිම්භය හා සම්බන්ද වීමෙනි.
මෙම ස්වභාවික කි‍්‍රයාවලිය සිදුවීමට අවශ්‍ය යෝනිමාග_යේ ඉහළ ධාතු තැන්පත් කිරීම නිසිපරිදි සිදුකරගැනීමට පුරුෂයාට නොහැකි වීම වන්ද්‍යාභාවයට ප‍්‍රධාන හේතුවක් වෙයි.

(01.* පුරුෂ ධාතුවල විෂමතා ඇතිවීමට හේතු
ආයුර්වේද හා නවීන මත එක්ව ගත්විට මේ සදහා හේතු රාශියක් දැක්විය හැකිය.
01. උපතින් පිහිටි ආබාධ
I. ප‍්‍රාප්ත ඵල කෝෂ
මවුකුස තුල සිටියදී දරුවාගේ වෘෂණ වැඩෙනුයේ උදර කුහරය තුලය.
දරුවා බිහිවීමත් සමගම මේවා වෘෂණ කෝෂවලට පහත්වේ.මෙම කි‍්‍රයාවලිය නියමාකාරයෙන් සිදුනොවීමෙන් (ඹබාැිැබාසබට ඔැිඑැි* උදරය තුලම වෘෂණ පැවතුනහොත් ඒවායේ ශුක‍්‍රාණු නිෂ්පාදනයට බාදා ඇතිවේ. එපමණක් නොව පසුකාලයේදී පිලිකා ඇති වීමටද ඉඩ තිබේ.
දරුවා බිහිවීමෙන් පසුව වෛද්‍යවරයාගේ හා මවගේ අවධානය දරුවාගේ ලිංගික ඉන්‍ද්‍රියන් කෙරෙහි යොමු කිරීම තුලින් මුල් අවස්ථාවේදීම මෙම තත්වය හදුනා හැනීමෙන් ඒවා පහත්වීමට ප‍්‍රතිකාර කල හැකිය.

II. වෘෂණකෝෂ දෙකම හෝ එකක් ප‍්‍රමාණයෙන් කුඩා වීම.

02. වර්ණදේහ හා සම්බන්ධ ප‍්‍රශ්න
මෙවැනි ප‍්‍රශ්න කෙනෙකු උපතින්ම ගෙනඑන්නකි.ශුක‍්‍රාණු ශුන්‍ය(නැති* අයගෙන් 15%ක් පමණත්
ශුක‍්‍රණු හීන(අඩු* අයගෙන් 4%කට පමණත් වර්ණදේහ වල ප‍්‍රශ්න තිබෙන බව සොයාගෙන
තිබේ.
03 විවිධ රෝග
1. කම්මුල්ගාය
වෘෂණ වලට බලපාන විෂබීජ අතුරින් කම්මුල්ගායට හේතුවන වෛරසය සුවිශේෂය.
එම විෂබීජය වෘෂණ ආක‍්‍රමනය කිරීමෙන් ශුක‍්‍ර ජනන නාලිකා සම්පූර්ණයෙන්ම විනාශ විය හැකිය. මෙම තත්වය ඇතිවන්නේ විශේෂයෙන් තරුණවියේදී කම්මුල්ගාය වැළදීමෙන් බවද සොයාගෙන තිබේ.
2. මධුමේහය (දියවැඩියාව*

3. ශිරා ග‍්‍රන්ථි (වෘෂණ කෝෂයන්හි නහර ගැටගැසීම*
කකුලේ ඇතිවන නහර ගැටගැසීම් වැනි තත්වයක් සමහරවිට
වෘෂණකෝෂ වලද ඇතිවිය හැකිය.එවිට වෘෂණ වලින් පිටවන
රුධිරය ගෙනයාම අවහිරවීමත් වෘෂණයේ උෂ්ණත්වය වැඩිවීමත්
සිදුවේ.මෙයින් ශුක‍්‍රාණු නිෂ්පාදනයට හානි සිදුවේ.
04. අම්බු විෂමතා (හෝමෝන ඌණතාවයන්*
06. වෘෂණ වලට සිදුවන අනතුරු
කුඩා කාලයේ වෘෂණවල සිදුවන තැලීම් කැරකීම් වැනි අනතුරුවලින්ද පසු කාලයේදී ශුක‍්‍රාණු නිෂ්පාදනයට බාදා සිදුවිය හැක.වෘෂණය කෝෂය තුල කැරකීමේ ප‍්‍රවණතාවයක් සමහර දරුවන්ගේ දැකිය හැක.මෙය සිදුවුවහොත් වෘෂණයට රුධිරය ගෙනෙන ධමනි සහ ශිරා අවහිරවීමෙන් වෘෂණවල ඇති ශුක‍්‍රාණු ජනන නාලිකා විනාශ විය හැකිය.
රිය අනතුරු හා වෙනත් අනතුරු වලදීද ලිංගික අවයන් වල මෙවැනි ආබාද ඇතිවිය හැකිය.
කෝෂය අසල සිදුකරන ශල්‍යකර්ම(උදා:හර්නියා සැත්කම්* වලින්ද වෘෂණ වලට හානි සිදුවිය හැක.


07. වෘෂණවල උෂ්ණත්වය වැඩිවන අවස්ථා
අධික උණ
නිතර දිගුවේලාවක් වාහන පැදවීම
කි‍්‍රයාන්විත රාජකාරියෙහි යෙදීම
බේකරි හා ගඩොල් පෝරණු වැනි උෂ්ණත්වය අධික ස්ථානවල සේවය
තද යට ඇඳුම් නිනර භාවිතය
08. ඇතැම් ඖෂධ වර්ග


(02.* සංසර්ගයේ අසමත්වීමට හේතු
මෙි සදහා හේතුවන සාදක බොහොමයක් දක්නට ලැබෙි
01. සංසර්ගයට ඇති අකමැත්ත
02. ක්ෙලෙවය හෙවත් ලිංගයේ අප‍්‍රාණවත් බව (ෂපචදඑැබජහ*
03. ධාතු පිටකිරීමේ ගැටළු

මෙි සදහා ශාරීරික හේතු මෙන්ම මානසික හේතුද බෙහෙවින්ම බලපායි.
ශරීරික හේතු

01. ශාරීරික බෙලහීනත්වය
මන්දපෝෂණය
වයස්ගත වීම
දීඝ_ කාලීන රෝග වලට ගොදුරු වීම

02. විවිධ රෝග
අංශභාගය
පිළිකා
සමාජ රෝග
වර්ණදේහගත රෝග
දියවැඩියාව
තයිරොයිඞ් ග‍්‍රන්ථිය ආශි‍්‍රත ආබාද
අපස්මාර්ගය
සුෂුම්නාගත රෝග
03. අම්බු (හෝමෝන* ස‍්‍රාවයේ අක‍්‍රමිකතා

මෙහිදී ලිංගික හෝමෝනවල (ඔැිඑදිඑැරදබැ* ඌණතාවය ප‍්‍රධානවම බලපායි.
ප්‍රොලැක්ටින් අධිකවීම
තෛරොයිඞ් ඌණතාවය
04 අධික මෛථුන(ලිංගික* සේවනය
මානසික හේතු
01. අධික වෙහෙස
02. ස්තී‍්‍රන් හා සංගමයේ ඇති අකමැත්ත
03.අධික ක්‍රෝධය ශෝකය භය ඇතිව ජීවත්වීම
04. අධික මානසික පීඩනය

වෙනත්
01. හේතු රහිතවීම
02. අධික දුම්පානය
03. අධික මත්පැන් පානය
04. මත්ද්‍රවය භාවිතය
05. විවිධ ඖෂධ වග_ දීඝකාලීනව භාවිතය
06. රැුකියාවන් නිසා දෙදෙනා ඈත්වී සිටීම
07. අධික ස්ථුලතාවය

ශුක‍්‍රාණු වර්ධනය කරන ආහාර
x මෙහිදී සමබල ආරවේලක් ලබාගැනීම ඉතා වැදගත්වේ.
* උදෑසන තේ වේල සදහා
එළකිරි එළදෙනකගෙන් එදිනම ලබා ගන්නා කිරි
එසේ සොයා ගැනීමට අපහසු අයට-නැවුම් කිරි
ස්ථුල හා (කොලෙස්ටෙරොල්* ඇති අයට-යොදය රහිත නැවුම් කිරි
තැම්බූ මුං ඇට කැඳ ලෙස සකස්කර ගැනීම
මුං ඇට හොදින් සෝදා පැය 10ක් පමණ පෙගෙන්නට තබා තම්බා නෑඹිලයටි දමා පොඩිකර එයට අවශ්‍ය පමණ උණුවතුර පොල් ලූණු එක්කර සාදාගන්න.
කොළ කැඳ
වැල්පෙනෙල
හාතාවාරිය
කොළ වංගෙඩියෙහි ලා කොටා,දර ලිපෙහි මැටි මුට්ටියේ ලා කැඳ සකස් කර
ගැනීමෙන් එහි ගුණාත්මක බව මැනවින් ආරක්‍ෂා කරගත හැක.
නමුත් කාර්ය බහුල හා නාගරික ජීවන රටාවක් ගතකරන අයට පහත ආකාරයට
කැද සකස්කරගත හැක.
කොළ මිටක් ගෙන පොල් අවශ්‍ය ප‍්‍රමාණය සමග ඊකැබාැර කර මිරිකාගෙන මැටි භාජනයකට දමා මදක් රත්කර ගැනීම.
(කැඳ තදින් රත්කිරීම නොකලයුතුය*
* උයද ආහාරය සදහා
රතු කැකුළු හාල් බත් සහ ව්‍යංජන
ධාන්‍ය වර්ග
කඩල
මුංඇට
උඳුපිටි යෙ¥ ආහාර
තෙල් අධිකව නොයෙ¥ ආහාර වියයුතුය
තෝසෙ
පිට්ටු
රොටී
ඉට්ලි

* දිවා ආහාරය
බත්
රතු කැකුළු
එළවළු වර්ග
දඹල
නිවිති
සාරණ

පලා වර්ග
ගොටුකොළ
මුගුණුවැන්න
සලාද කොළ
වැල්පෙනෙල කොළ
පැළවූ මුංඇට
මුං ඇට හොදින් සෝදා පැය 12ක් පමණ පෙගෙන්නට තබා
වතුර පෙරා පැතලි භාජනයකට දමා වතුර ස්වල්පයක් දමා දින 2-3ක් පැළවීමට තබන්න.
මොටෙයියා ඇදුනු පසු ලූණු වතුරින් සෝදා එයට රතුළුෑණු අමුමිරිස් උම්බලඩ තක්කාලි ලූණු දෙහි ස්වල්පයක් එක්කර සලාදය සාදාගන්න.
බිත්තර
ගම් කුකුළු බිත්තර
වටු බිත්තර
මාළු වර්ග
තෝර
මෝර
තලපත්
මාළු බිත්තර
මස් වර්ග
ගම් කුකුළු මස්
ඌරු මස්
එළු මස්
අතුරුපස
පළතුරු (විටමින් ජ අඩංගු පළතුරු*

දොඩම්
නාරං
දෙළුම්
නෙල්ලි
පේර
ඇඹරැුල්ල
වෙරළු
පළතුරු සලාද


මුද්දරප්පලම්
රටඉඳි
කජු
*400ට ක පමණ වීදුරු බෝතලයක් ගන්න.
එයින් 1/3ක් පිරිසිදු එළගිතෙල් දමන්න.
එයට
රටඉඳි 100ට
මුද්දරප්පලම් 100ට
කජුමද 100ට ක්
එක්කරන්න බෝතලය හොදින් වසා සතියක් පමණ තබා දිනකට
රටඉඳි 3ක්
මුද්දරප්පලම් 4ක්
කජුමද 2ක් කෑමට ගන්න
(උදෑසන හිස්මබඩ ගැනීමද සුදුසුය.*
පුඩිම්
රටඉඳි හා එළකිරි එක්කල පුඩිම් වර්ග
පාන වර්ග
සව් කැඳ
බාර්ලි තම්බා බීම
රතු පොකුරු වදමල් පානය
පොකුරු වදමලක් ගෙන නටන උණුවතුර වීරුවකට එය දමා විනාඩි 15ක් පමණ
තැම්බීමට තබන්න.
ඉන්පසු පෙරා වතුර ටික ගෙන එයට අවශ්‍ය පමණ සීනි ලූණු දෙහි බිංදු කීපයක් දමා
බීමට ගන්න.
සුප් වර්ග
එළවළු සුප්
දඹල නිවිති සාරණ වැනි එළවළු වර්ග
පරිප්පු මුංඇට වැනි ධාන්‍ය වර්ග
උදු පිටි
එළගිතෙල් එක්කර සාදා ගන්න.

නොගතයුතු ආහාර(අපත්‍ය ආහාර*
* කෘතිම ආහාර
සොසේජස් වර්ග
සෝස් වර්ග
සුප් කැට
රසකාරක





* කෘතිම රසකාරක හා වර්ණකාරක යෙ¥ බීම වර්ග
*මාළු වර්ග
බල මාළු
හුරුල්ලො
ඉස්සො
දැල්ලො
* මස් වර්ග
බොයිලර් කුකුල් මස්(විශේෂයෙන් ඇට හා පීකුදු*
* එළවළු වර්ග
අළුකෙසෙල්
පුහුල්
තක්කාලි
දෙල්
පලිබෝධ නාශක යෙ¥ ආහාර
* පලතුරු වර්ග
අන්නාසි
රඹුටන්
දෙහි
*විනාකිරි යෙ¥ ආහාර
අච්චාරු
චට්නි
ලූනු දෙහි
* කැෆේන් අඩංගු ආහාර නිතර නිතර ගැනීම
උදා: කෝපි,නෙස්කැෆේ
* පිරිපහදු කරන ලද ආහාර
උදා: සීනි
* අධික මේදය සහිත ආහාර නිතර ගැනීම

පත්‍ය(සුදුසු* විහරණ
* මානසික
ධනාත්මක චින්තනය
මානසික විවේකය
ඉවසීම ප‍්‍රගුණ කිරීම
* අධ්‍යාත්මික
ආගමික කටයුතුවල යෙදීම

භාවනා කිරීම


*නින්ද
පැය 6කට නොඅඩු සුවදායි නින්දක් ලැබීම
විශේෂයෙන් මැදියම් රැුයෙහි මනා නින්දක් ලැබීම
*ඇඳුම්
සැහැල්ලූ යට ඇඳුම් භාවිතය
කපු යට ඇඳුම් වඩාත් සුදුසුයි
* ස්නානය
දිනපතා ස්නානය
සීතල ජලයේ ගිලී නෑම
ස්නානය කරනවිට යටිබඩ පහළට විනාඩි 10ක් පමණ මසාජ්
කිරීම.
* ව්‍යායාම
දිනපතා ව්‍යායාම කිරීම

අපථ්‍ය (නුසුදු* විහරණ
*මානසික
මානසික පීඩනයෙන් සිටීම
අධික කෝපය
මානසික අවිවේකී බව
* උෂ්ණත්වය
උෂ්ණත්වය අධික තැන්වල සිටීම
උදා: පෝරණු හා ලෝහ ආශි‍්‍රත කර්මාන්තවල යෙදීම
දිගු වේලාවක් වාහන ධාවනය(රියදුරු*
දිගු වේලාවක් පාපැදි ධාවනය(ක්‍හජකසිඑ*
තද අව්වේ සිටීම
*නින්ද
නිදි මැරීම
දහවල නිදීම
* ඇඳුම්
තද යට ඇඳුම් ඇදීම
අපිරිසිදු යට ඇඳුම් භාවිතය
දිගු වේලාවක් යට ඇඳුම් සහිනව සිටීම
* ව්‍යායාම
අධික ව්‍යායාමය
අධික බර ඉසිලීම
* ස්නානය
උණුවතුර ස්නානය
* ඖෂධ
වෛද්‍ය උපදෙස් නොමැතිව හෝමෝන හා හොමෝන අඩංගු ආහාර ගැනීම.
* ලිංගික
ලිංගික අවශ්‍යතා දරා සිටීම
ලිංගික සහකරුවන් වැඩි දෙනෙකු සමග සම්බන්ධතා පැවැත්වීම
අධික මෛථුන සේවනය
* වෙනත්
දුම් පානය
මත්පැන්පානය
නිතර පරිගණකය භාවිතය
නිතර ?පවාහිනිය නැරඹීම
ඞ-ර්හලීජ්බ වැනි පර්යේෂණ වලට නිතර මුහුණදීම





පුරුෂ වන්ද්‍යාභාවය සදහා ආයුර්වේද ප‍්‍රතිකාර
ආයුර්වේද වෛදය ක‍්‍රමය තුල පුද්ගලයෙකුගේ සෞඛ්‍යය සම්බන්දයෙන් අවධානය යොමුකරණ ප‍්‍රධාන කාරණා දෙකකි.
01.සෞඛ්‍යමත් පුද්ගලයාගේ සෞඛ්‍ය ආරක්‍ෂා සෞඛ්‍යය ආරක්‍ෂා කිරීම
02.රෝගි වූ පුද්ගලයාගේ රෝගය සුවකිරීම

සෞඛ්‍ය සම්පන්න පුද්ගයා යනු කවරෙක්දැයි සුශ‍්‍රැත ආචාර්යවරයා ඉතා පැහැදිලිව නිර්වචනය කර ඇත.
සුශ‍්‍රැතගේ අර්ථකතනයට අනුව
‘‘ශාරීරික දෝෂ එනම් වාත, පිත්ත හා කඵ සමතුලිතව ඇති, අග්නිය හෙවත් ආහාර දිරවීමේ ශක්තිය
නිසියාකාරව පවතින (ජී ර්‍ණ ක‍්‍රියා නිසියාකිරව සිදුවන*, සප්්ත ධතූන්ගේ සමතුලිත බව ඇති, ත‍්‍රිමල හෙවත් පරිවෘත්තීය ද්‍රව්‍යයන්ගේ ස්වභාවික හා නිසි ක‍්‍රියාකාරීත්වය ඇති, ප‍්‍රසන්නවූ ශරීර, ඉන්‍ද්‍රිය හා මනසකින් යුක්තවු පුද්ගලයා ස්වස්ථයෙක් හෙවත් නිරෝගී පුද්ගලයෙක් වේ.’’
චරක විසින් ස්වස්ථභවය ආරක්‍ෂා කරගැනීම සදහා නැතහොත් රෝගවලින් වැලකී සිටීම සදහා සදහා අවශ්‍ය කරන එසේ නැතිනම් පිළිපැදිය යුතු සාදක රාශියක් දක්වා තිබේ.
01. සමබල ආහාර හා විහරණ අනුගමනය කිරීම
02. නියම අවධානයකින් හා හොද අවබෝධයකින් ක‍්‍රියාවන්හි නිරත වීම
03. පසිඳුරන්ගේ ග‍්‍රහණයන්ගෙන් ලැබෙන සතුටට ලොබ නොබැදීම
04. කරුණාව, අපක්‍ෂපාතිත්වය, සත්‍යවාදී බව හි ඉවසිලිවන්ත බව
හා මහත්මා ගුණ ඇතිකර ගැනීම
05. සිතින් වචනයෙන් හා ක‍්‍රියාවෙන් යහපත් හා සතුටෙන් යුක්ත
වීම
06. මානසික ඒකාග‍්‍රතාවය රැුකගැනීම
07. පාරිශුද්ධ අවබෝධය සහිතවීම
08. ප‍්‍රඥවන්ත, චාම් ගති පැවතුම් ඇතිවීම
09. භාවනායෝගී වීම
එබැවින් ආයුර්වේදයට අනුව වඩාත් වැදගත් ප‍්‍රතිකාරය වනුයේ සෞඛ්‍යමත් පුද්ගලයාගේ සෞඛ්‍ය ආරක්‍ෂා සෞඛ්‍යය ආරක්‍ෂා කරගැනීමයි.
පුරුෂයින්ගේ මදසරුභාවය සදහා ඖෂධමය ප‍්‍රතිකාර රැුසක් ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය තුල දක්වා ඇත.
ඉපැරණි ආයුර්වේදීය ශාස්තී‍්‍රය ග‍්‍රන්ථයන්හි ධාතු ශක්තිය දුර්වල වීමට හා ලිංගික ශක්තිය හීන වීමට අති විශාල බෙහෙත් වට්ටෝරු සංඛ්‍යාවක් දක්වා ඇත.විශේෂයෙන් ලිංගික කි‍්‍රයාවලියෙහි අශ්වයෙකුමෙන් ශක්තිය ලබාගැනීමට ප‍්‍රතිකාර ක‍්‍රම දක්වා ඇත.අශ්වයා යනු සත්වයින් අතුරින් ලිංගික කාර්යයයෙහි අති සමත් සත්වයා බව ආයුර්වේදයෙහි දක්වා ඇත.
මෙහිදී
01. පුරුෂ ලිංගේන්‍ද්‍රියෙහි ප‍්‍රමාණය වැඩිකර ගැනීම සදහා
02. සංසර්ගයෙහි යෙදියහැකි කාලය වැඩිකර ගැනීම සදහා
03. ධාතුවල ගුණාත්මක බව වැඩිකර ගැනීමට
04. ශරීර ශක්තිය වර්ධනය කරගැනීමට
05. තාරුණ්‍ය ආරක්‍ෂා කරගැනීමට
විවිධ ඖෂධ වර්ග දක්වා ඇත.

ප‍්‍රතිකාර සදහා යෙදෙන ඖෂධ
මෙහිදී ඖෂධ වර්ග ප‍්‍රභේද කර දක්වා ඇත.එම ද්‍රව්‍ය පිළිබද කෙටි හැදින්වීමක්
පහත දක්වා ඇත.
ජීවනීය ගණය
ජීවිතය දෙනුයේ ජීවනීයයි.යම් ද්‍රව්‍යයක් ආයුෂය පැවැත්වීමට හිතකාරීවේද ඒවා ජීවන හෙවත් ජීවනී ද්‍රයව්‍යයි.
උදා: කිරිබදු අල
කිරි
බල්‍ය/බල වර්ධක
යම් ද්‍රව්‍යයක් ශරීර බලය වැඩි කරයිද එම ද්‍රව්‍යය බල්‍යයි.
උදා: හාතාවාරිය
අශ්වගන්ධ
.වාජීකරණ/වාජීකර/වෘෂ්‍ය
යම් ද්‍රව්‍යයක් ලබාහැනීම හේතු කොට ගෙන ලබාගත් ශක්තිය නිසා ලිංගික ක‍්‍රියාවේදී ස්ත‍්‍රී පුරුෂ දෙදෙනාටම අධික ප‍්‍රීතියක් සතුටක් ඇතිවේද, එසේම එහි නැවත නැවත යෙදීමේ ආශාව පුරුෂයා කෙරෙහි ඇතිකරයිද එවැනි ද්‍රව්‍ය වාජීකරණ ද්‍රව්‍ය වේ.
උදා: කිරිබදු අල
අශ්වගන්ධ
ශුක‍්‍ර වර්ධක ද්‍රව්‍යය
මෙම ද්‍රව්‍යයන්ගේ ප‍්‍රධාන කි‍්‍රයාව ශුක‍්‍ර නිපදවීම වැඩිකිරීමයි.
උදා: එළු අණ්ඩකෝෂ
එලගිතෙල්
උඳු
වඳුරු මෑ ඇට
ශුක‍්‍ර ශ‍්‍රැතිකර ද්‍රව්‍යය
කාම උත්තේජනය කරණ ද්‍රව්‍යයි.
උදා: කස්තුරි
මකරධ්වජ
අක‍්‍රපට්ටා
මෙවැනි ඖෂධ වර්ග රාශියක් ආයුර්වේද ප‍්‍රතිකාර පද්ධතිය තුල දක්වා ඇත.
මෙම ඖෂධ වර්ග විවිධාකාරයෙන් සංස්කරණය කොට රෝග අවස්ථා සදහා යොදාගනු ලැබේ.
මෙම තත්වය සදහා බටහිර වෛද්‍ය ප‍්‍රතිකාර ක‍්‍රම තුලින් තාවකාලික සහනයක් පමණක් ලබාදිය හැකි හෝ ප‍්‍රතිකාර කල නොහැකි අවස්ථා වලදී ආයුර්වේද ප‍්‍රතිකාර තුලින් නිසි ප‍්‍රතිඵල ලබාදීමට හැකිවු අවස්ථා බොහොමයක් ඇත.
පුරුෂ මදසරුභාවය යනු වර්ථමාන සමාජයේ රෝග අවස්ථා අතුරින් වඩාත් අවධානය යොමුකලයුතු අවස්ථාවක් බව මෙම කරුණු සලකා බැලීමේදී මනාව පැහැදිලි වනු ඇත
පරම්පරාවක රටක ජාතියක ආගමක අනාගතය රදාපවතිනුයේ ස්ත‍්‍රියකගේ හා පුරුෂයකුගේ ප‍්‍රජනන ක‍්‍රියාවලිය මතයි.මෙහිදී පුරුෂයාගේ කාර්යභාරය ඉන් හරි අඩකි.එබැවින් සියළුම පුරුෂ පාර්ශිකයින් විවාහයෙන් පසු පමණක් නොව, මේ පිළිබදව ළදරුවියේදී දෙමාපියනුත්, වැඩිවිය පැමිණි පසු තම තමාත් අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ.
ලිංගික අධ්‍යාපනය ඉතා දුර්වල මට්ටමක පවතින ශ‍්‍රී ලාංකික සමාජය තුල මෙම ගැටළුව පිලිබදව මනා අවධානයක් යොමුකර මින් ලැබිය හැකි අවාසි දායක ප‍්‍රථිපල වලකාගැනීමට කටයුතු කල යුතුය.
මේ සදහා ආයුර්වේද,බටහිර හෝ වෙනත් වෛද්‍ය ක‍්‍රම මගින් ලබාගත හැකි උපරිම දායකත්වය
ලබාගත යුතුය.




මදසරුබාවය කෙරෙහි පුරුෂයාගේ බලපෑම
එච්.වී.එන්.එම්.හේවාවිතාරණ
බී.ඒ.එම්.එස් ( කොළඹ *
ප‍්‍රදර්ශක, දේශීය වෛද්‍ය විද්‍යා ආයතනය, කොළඹ විශ්ව විද්‍යාලය



යුගදිවියට එලඹීමෙන් පසුව යුවලකගේ මීලග බලාපොරොත්තුව වනුයේ නිරෝගී දරුවකුගේ දරු සුරතල් බැලීමයි. මෙහිදී සමාජයේ විශේෂ අවධානය යොමුවන්නේ කාන්තාව දෙසටයි. මවක වීම කාන්තාවක වශයෙන් පරිපූණත්වයට පත්වීම මෙන්ම කාන්තාවකගෙන් වියයුතු විශාල වගකීමක් ඉටුකිරීමක් ලෙස සමාජය දකී.
කාලය ගතවීයත්ම තම බලාපොරොත්තු ඉටුනොවීමත් සමගම යුවලකගේ ජීවිත වලට සාමාජීය හා මානසික බලපෑම් ඇතිවීම ආරම්භවේ.මෙසේ දරුවකු පිළිසිද ගැනීමට කල් ගතවීමත් සමගම ‘‘දරු සම්පත් නොමැතිද?’’ යන ගැටළුව ඔවුන් ඉදිරියේ පැන නගී.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අර්ථ දැක්වීමට අනුව වන්ද්‍යාබාවය යනු ‘‘යුවලක් ක‍්‍රමානුකූල ලිංගික සමබන්ධතාවයක් පැවැත්වුවද අවුරුද්දක් ගතවන තුරුත් දරුවකු පිළිසිද නොගැනීමයි.’’
වර්තමාන ලෝකය තුල විවාහක යුවල සංඛ්‍යාවෙන් 30% කට ආසන්න ප‍්‍රමාණයක් දරුවන් නොමැතිවීමේ ගැටළුවට මුහුණදෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය දක්වයි.
දරුවන් නොමැති වීම පිළිබද ගටලුවේදී සමාජය තුල වඩාත් අපහසුතාවයට ලක්වනුයේ කාන්තාවයි.මෙහිදී වෛද්‍යවරයෙකු වෙත පළමුව යොමුවනුයේද කාන්තාවයි.නමුත් නවතම සොයාගැනීම් වලට අනුව වන්ද්‍යාබාවය සදහා පුරුෂ පාර්ශවයේ බලපෑම 30-35% ක් පමණ වන බව පැහැදිලිවේ.එසේම සෑම පුරුෂයින් 20ක ගෙන්ම එක් අයෙක් මදසරුබාවයෙන් පෙලෙන බව හදුනාගෙන ඇත. සමස්ථයක් ලෙස ගත්විට මෙය ඉතා විශාල සංඛ්‍යාවකි.
කලලයක් ඇතිවන්නේ ඩිම්බයක් හා ශුක‍්‍රාණුවක් එක්වීමෙනි.මේනිසා කලලයක් සෑදීමට පුරුෂයා 50%කින් දායක වන බව පැහැදිලිය. හොඳ තත්වයේ ශුක‍්‍රාණු නිපදවීම මෙන්ම ඒවා ස්තී‍්‍ර යෝනියෙහි ඉහල කොටසෙහි තැන්පත් කි


Gossip Lanka Hot News Previous News Archive