දෘෂ්‍යාබාධිතයින්ගේ ලෝක කුසලානයට ඩිල්ෂාන්ගේ සහය

TM Dilshan gives sponsorship to disabled cricket team
2012 දෘෂ්‍යාබාධිතයින්ගේ 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි අපහසුතා මධ්‍යයේ සිය පුහුණුවීම් කටයුතු සිදුකරන බව ඊයේ (20) රාත්‍රී ටී.වී.දෙරණ අද දෙරණ ප්‍රවෘත්ති විකාශයෙන් අනාවරණය කළේය.



මීට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක හා වත්මන් ආරම්භක පිතිකරු ටී.එම්.ඩිල්ශාන් ඔවුන්ට සහයවීමට ඉදිරිපත් විණි.

ඊයේ රාත්‍රී අද දෙරණ ඇමතූ ටී.එම්.ඩිල්ශාන් අදාළ දෘෂ්‍යාබාධිත කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිපදෙනෙක් සිය නිවසට කැඳවා ඔවුන්ගේ ගැටලු විමසා ඊට පිළියම් යෙදීමට ඉදිරිපත් වී තිබේ.



Gossip Lanka Hot News Previous News Archive