අගවිනිසුරුවරිය දුරුගන්ධ කිඩාරම් මලක්- Mervin Silva

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා සුදු නෙළුම් මලක් වගේ පූජාසනය මතට යොමු කළ ශිරාණි බණ්ඩාරනායක මහත්මිය, දැන් කිඩාරම් මලක් වගේ දුරුගන්ධය හමනවා'' යැයි මහජන උපයෝගීතා අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා අද (23) ගාල්ලේ දී ප්‍රකාශ කළේය.

ගාල්ල, මකුළුව, ශ්‍රී බුද්ධසිංහාරාමයේ පැවැති කොත් පැළඳවීමේ උත්සවයට සහභාගි වෙමින් ඇමැතිවරයා එසේ පැවසීය.



“කිඩාරම්මල පිපෙන කොට මුළු පළා‍තෙම ඳුගදක් හමනවා. ඒ නිසා මම එතුමියට කිව්වා තනතුරෙන් ඉල්ලා අස්වෙන්න කියලා. ජනතා සේවය නතර කරන්න , ඒවාට තහංචි දාන්න කටයුතු කරනවා නම් ඇය ඉල්ලා අස්විය යුතුයි.

ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය කියන්නේ එකම පවුලක්. ඒ පවුල කුමන්ත්‍රණකාරී ලෙස කඩාකප්පල් කරන්න ඉඩ දෙන්න බැහැ. සමහර ඔය බෝඩ් උස්සන් ඉන්න, කෑකෝ ගහන සදාචාර විරෝධී වැඩ කරන නීතිඥයින්ට මුදල් එවන්නේ දෙමළ ඩයස් පෝරාවෙන්. ටයි කෝට් එක දාගත්ත ගමන් නීතිඥයෙක් වන්නේ නැහැ. ඔවුන්ට උගත්කම වගේම ප්‍රඥාවත් තිබිය යුතුයි'' මර්වින් සිල්වා මහතා වැඩිදුරටත් එහිදී කියා සිටියේ ය.

දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය කෙරදේමල ප්‍රඤ්ඤරත්න හිමියන් විසින් අනුශාසනාවක් පැවැත්වූ අතර ජ්‍යෙෂ්ඨ අමාත්‍ය සිරිසේන ගමගේ මහතා ඇතුළු තවත් පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.

Gossip Lanka Hot News Previous News Archive