කොළඹ හතේ නෝනලා බල්ලෙක් මිල දී ගන්නකොට ඒ බල්ලගෙත් පැටිකිරිය බලනවා

රටේ උත්තරීතර ආයතනවලට ,මැතිවරණ වලින් වැදගත් නියෝජිතයින් තෝරා පත්කර ගත යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පැවසීය.

ඒ දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දෘෂ්‍යාබාධිත පුද්ගලයින්ට ඇස් කණ්නාඩි බෙදා දීම සඳහා දික්වැල්ල දොඩම්පහළ ශ්‍රී සුධර්මවර්ධනාරාම විහාරස්ථානයේ පැවති උත්සවයක දී ය.



දැන් කොළඹ හතේ නෝනලා බල්ලෙක් මිල දී ගන්නකොට ඒ බල්ලගෙත් පැටිකිරිය බලනවා .බල්ලොත් සල්ලි වලට ගන්නකොට කොළඹ හතේ නෝනලා බල්ලන්ගේ පැටිකිරිය පරම්පරාව බලනවා නම් මේ රටේ අනාගතය ගැන තීන්දු කරන මේ රටට අදාළ නීති රීති අණපනත් සම්මත කරන රටේ උත්තරීතර ආයතන ,පාර්ලිමේන්තුව ,පළාත්සභාව ,ප්‍රාදේශීය සභාවට තෝරන කොට දේශපාලන චෞරයෝ තෝරන්නැතුව දේශපාලනයේ වැදගත් මිනිස්සු තෝරන එක තමුන්නාන්සේලාගේ වගකීමක් ,යුතුකමක්


Gossip Lanka Hot News Previous News Archive