තී‍්‍ර රෝද රියක් දුම්රියක ගැටී පවුලක්ම ඉවරයි, Ambanpola three-wheeler and train accident

මහව අඔන්පොල කිරිමැටියාන දුම්රිය හරස් මාර්ගයේදී තී‍්‍ර රෝද රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයන් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව එක් අයෙක් තුවාල ලබා තිබේ.

අද (28) පෙරවරු 9.10 ට පමණ සිදුවූ මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ ත‍්‍රිරෝද රථයේ ගමන් කළ පුද්ගලයින් 06 දෙනෙකු බව පැවසේ.


මිය ගිය අය අතර කාන්තාවන් සි වුදෙනෙකු සහ පිරිමින් දෙදෙනෙකු සිටින අතර සිද්ධියෙන් තුවාල ලැබූ එක් අයෙකු කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇත.

කොළඹ සිට ඕමන්තේ දක්වා ගමන් කළ දුම්රිය මෙම ත‍්‍රිරෝද රථය හා ගැටී තිබේ.

එම සිද්ධිය වූ ස්ථානයේම සිවුදෙනෙකු මියගොස් ඇත.

අඹකොළ වැව ඩබ්ලිව් උදය ආසිරි විජේකොන් (38) ඔහුගේ බිරිය අයි.බී.ඇම්. තමරා රෝහිනි, දියණිය උපේක්ෂා (16) හා පුතා නිසල් (05) එතැනම මියගිය අය වෙති.







Gossip Lanka Hot News Previous News Archive