ඊයේ(01) කැළණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් ඇතිවූ ගංවතුර තත්වය නිසා බියගම පොලිස් වසමේ දෙකටන කොළඹ මාර්ගයේ මල්වාන නගරය,රාක්ෂපාන,යබරලූව,බියගම හන්දිය,බණ්ඩාරවත්ත හන්දිය,බියර් ආයතනය ඉදිරිපිටජයන්ති මාවතයන ප්‍රදේශ ජලයෙන් යටවී ඇත.
මේ හේතුවෙන් රථ වාහන ගමනාගමනයට බාධා ඇති වී තිබේ.
තවද,නව නුවර පාර කඩුවෙල මාර්ගයේ 13කණුව ප්‍රදේශය ද,ජලයෙන් යට වීම නිසා රථ වාහන ධාවනය කල නොහැකි තත්වයක් උදා වී ඇති බව බියගම පොලිසිය පැවසීය.
මෙම ප්‍රදේශ වල පදිංචි පවුල් 700ක පුදගලයන් 3500ක් පමණ අවතැන්ව ඇති අතර ඔවුන් සඳහා බියගම ප්‍රාදේශීය ලේකම්,ආපදා කළමණාකරන ඒකකයේ නිළධාරීන්,බියගම පොලිසිය සමඟ එක්ව තාවකාලිකව ලැගුම් ගැනීමට අවශ්‍ය ස්ථාන සූදානම් කර ඇති අතර අවතැන් වුවන් සඳහා සුභසාධක කටයුතු ආරම්භ කර ඇතැයිද බියගම පොලිසිය සඳහන් කළේය.