ගංජා ගහන්න වෙනම තැනක් - නෙදර්ලන්තයේ


නෙදර්ලන්තයේ Amsterdam අගනුවර කංසා ඉරීම සඳහා අවසර ඇති විශේෂ ආපන ශාලා සංචාරකයන්ට තහනම් කිරීමට ගෙන තිබු සැලසුම් අත හැර දැමීමට එරට තීරණය කොට තිබේ.

නගරයේ අපරාධ වැඩිවීමට එම යෝජනාව තුඩු දිය හැකි බැවින් නෙදර්ලන්ත වාසීන්ට එම ආපන ශාලාවලට ඇතුල්වීම සඳහා අවසර පත්‍රයක් ලබාදී විදේශිකයන්ට ඒවා තහනම් කිරීමට නගරයේ පළාත් පාලන අධිකාරිය සැලසුම් කොට තිබිණ.

කංසා භාවිතය නෙදර්ලන්තයේ නීති විරෝධී නමුත් නෙදර්ලන්තයේ බොහෝ නගර කංසා කුඩා ප්‍රමාණයක් ළඟ තබා ගැනීමට එරෙහිව පියවර නොගැනීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරයි.

Gossip Lanka Hot News Previous News Archive