වැලිකඩ හිරගෙදර හොල්මන්

පසුගියදා වැලිකඩ හිරගෙදර තුළ ඇති වූ කැරැල්ලේදී හමුදාව සමග ඇති වූ වෙඩි හුවමාරුවෙන් සිරකරුවන් මියයාමෙන් පසුව රාති‍්‍ර කාලයේදී වැලිකඩ හිරගෙදර හිස නැති ඇවිදින සිරුරක් නිලධාරීන් දැක ඇතැයි ප‍්‍රචාරයක් නිසා නිලධාරීන් රාති‍්‍ර කාලයේදී හොල්මන්වලට බියෙන් රාජකාරී කිරීමට බියෙන් පසුවන බව වාර්තා වෙයි.

රාති‍්‍ර වැඩමුරය භාරව සිටි ඕවර්සියර්වරයකු විසින් හිස නැති කඳක් දැක ඇතැයි ගිය ප‍්‍රචාරයක් මත බන්ධනාගාරය තුළ හොල්මන් භීතිය හටගෙන ඇත. වැලිකඩ වයි. ඕ. ගොඩනැගිල්ල ආසන්නයේ රාති‍්‍ර රාජකාරි නිරත වූ නියාමකයෙක් ඉරිදා (18දා) රාති‍්‍රයේ බිය වී උණ ගැනී ඇති බවටද බන්ධනාගාරය තුළ රාවයක් ඇත.


මෙම වයි. ඕ. ගොඩනැගිල්ල ආසන්නයේදී ඇති වෙඩි හුවමාරුවෙන් සිරකරුවන් පස් දෙනකු පමණ මිය ගොස් තිබිණ.

බන්ධනාගාරයේ රාති‍්‍ර මුරයේ රාජකාරි කරන නිලධාරීන්ට විවිධ ශබ්ද ඇසීමට වීමත් හිස නැති පුද්ගලයකු සැරිසරන බවට ප‍්‍රචාරය වීමත් නිසා රාත‍්‍රි රාජකාරී කිරීමට බියක් දක්වන බව වැලිකඩ බන්ධනාගාර නිලධාරීන් පවසති.

මෙම තත්ත්වය නිසා ඉහළ නිලධාරීන් සමග සාකච්ඡ කර බන්ධනාගාරය තුළ පිරිතක් කීමට ද නිලධාරීන් යෝජනා කර ඇත.

Gossip Lanka Hot News Previous News Archive