
නිවුයෝර්ක් ප‍්‍රදේශයට සුළි කුණාටුවෙන් පසු ඇතිවූ ගෑස් හිඟය නිසා ගලවා ගැනීමේ කටයුතු පමා වීමත්, කම්කරුවන්ට වැටුප් නැති වීමත් බොහෝ අය තැති ගැන්මට ලක් කර ඇත.
ඉන්ධන පිරිපහදු කර රියදුරන්ට බෙදා හැරීමට බලශක්තිය නැති වීම මිට හේතුවයි. නැවත බලය ලබා ගැනීම අරඹා ඇති අතර නිවුයෝර්ක් වරායේ කොටසක් ද විවෘත කර ඇත.
රොකාවේස් හි සීතලෙන් හා කුසගින්නෙන් පෙලෙන ජනයාට ආධාර රැගත් නගරාධිපති කාර්යාලයේ ට‍්‍රක් රථය සෙනසුරාදා හවස වන විටත් එහි ලඟා වී නොතිබුනි. අවසානයේ මාධ්‍ය විධායකයකු වූ රිච් සර්විනි සපයා ගත් ට‍්‍රක් රථය යම් ආධාර ප‍්‍රමාණයක් ගෙන යාමට සමත් වී ඇත.
රියදුරන් න්ධන නොමැතිව පැය ගණන් පෝලිම්වල රස්තියාදු වන බව පැවසේ.