ශ්‍රී ලංකාවේ පළමු චන්ද්‍රිකාව පමාවේ, Rohitha Rajapaksa speaks About satellite delay

ලක් චන්ද්‍රිකාවට කාලගුණෙන් බාධා

අද (22) පස්වරු 3.43 ට චීනයේ ෂී චෑං චන්ද්‍රිකා විහිදුම් මධ්‍යස්ථානයෙන් අභ්‍යාවකාශගත කිරීමට නියමිතව තිබූ ‘සුප්‍රීම් සැට් වන්’ නම් වූ ශ්‍රී ලංකාවේ පළමු චන්ද්‍රිකාව දින කිහිපයක් ප්‍රමාද කිරීමට වන බව මෙම වැඩසටහ‍නේ මූලිකත්වය ගෙන කටයුතු කරන ජනාධිපති පුත් රෝහිත රාජපක්ෂ මහතා සඳහන් කරයි.

තාක්ෂණික කරුණු කිහිපයක් තහවුරු කැර ගැනීමට කාලය අවශ්‍ය වීම සහ චීනය අවට අයහපත් කාලගුණය හේතුවෙන් මෙම තීරණය ගත් බව ඔහු 'දෙරණ' නාලිකාවට පැවසිය.



හෙට දිනය වන විට යළි චන්ද්‍රිකාව අභ්‍යාවකාශගත කරන දිනය ප්‍රකාශයට පත් කළ හැකි බව පැවසු රෝහිත රාජපක්ෂ මහතා, කෙසේ වෙතත් දින පහක පමණ කාලයක් මෙම චන්ද්‍රිකාව අභ්‍යාවකාශගත කිරීමේ කටයුතු ප්‍රමාද විය හැකි බව ද සඳහන් කර සිටියේය.

රෝහිත රාජපක්ෂ මහතා පැවසුවේ එම චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කිරීමත් සමග මෙරටට වාසි රැසක් අත්වන බවය.


Gossip Lanka Hot News Previous News Archive