රජෙකු විසින් ඉදිරිපත් කළ අයවැයක් -මර්වින් සිල්වා Mervin Silva Talking About Budget

මෙවර අයවැය කළ ගුණ දත් ජනතාවට, කළ ගුණ දත් රජෙකු විසින් ඉදිරිපත් කළ අයවැයක් බව මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.
ඇමතිවරයා මේ බව සඳහන් කළේ,  ඊයේ (10) පාර්ලිමේන්තුවේදී 2013 අය-වැය දෙවැනිවර කියවීමේ විවාදයේ අදහස් දක්වමිනි.
ආර්ථික අවපාතයක්, කඩාවැටීමක් නැතිව ජනාධිපතිවරයා රජය සමබරව රැකගත් නිසා ආශ්චර්යවත් අය-වැයක් ඉදිරිපත් කරන්නට හැකි වූ බවද ඇමතිවරයා සදහන් කළේය.
දිවි නැගුම සාර්ථක වෙන කොට, වේගයෙන් අතමිට සරු වෙන කොට, වී අතිරික්තයක් ඇති වෙන කොට, රබර් මිල වැඩි  වෙන කොට පොල් ඵලදාව යන කොට ආර්ථිකය ඉහළ නැංවෙන්නේ නැතිදැයි අමාත්‍යවරයා ප්‍රශ්න කළේ ය.

'' රුපියල් 7500ට තිබූ රාජ්‍ය සේවක වැටුප වැඩිකර තිබෙනවා. තරුණයන්ගේ අසහනයට සාර්ථකව පිළිතුරු ලබාදුන්නෙත් අතිගරු ජනාධිපතිතුමයි. මෙගා වෝට්ස් 800ක් විදුලිබල පද්ධතියට එකතු කරන්නට හැකි වුණා. උපාධිධාරීන් 51,000කට රැකියා ලබාදීමට ද හැකි වූනා''  යයි ද අමාත්‍යවරයා පැවසී ය.

Gossip Lanka Hot News Previous News Archive