වැලිකඩ හිරගෙදරින් සියයකට වඩා පැන ගිහින්?More than100 prisoners escaped Welikada prison?

ඉකුත්දා වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධියෙන් පසු සිරකරුවන් හා රැදැවියන් සියයකට අධික පිරිසක් පැනගොස් ඇති බව බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේ පැනගොස් ඇති පිරිස් අතර දරුණු ගණයේ අපරාධවලට සම්බන්ධ වූවන්ද සිටින බවත්, පැන යෑමට පෙර ඔවුන් බන්ධනාගාර නියාමක නිලධාරීන්ගේ නිල විවේකාගාරවල තිබූ කබඞ් හා ලාච්චු කඩා ඒ තුළ වූ මුදල් හා ජංගම දුරකතන ඇතුළු වටිනා භාණ්ඩද රැගෙන ගොස් ඇති බවත් පැවැසේ.


මේ සිරකරුවන් එම නිලධාරීන්ගේ විවේකාගාරවල තිබූ සිවිල් හා නිල ඇඳුම් භාවිතා කරමින් පැනගොස් ඇති බවත්, නිල ඇඳුමෙන් සැරසුණ පුද්ගලයන් දැනට අස්ථානගතව ඇතැයි පැවසෙන අතර ඔවුන් ගිනි අවි රැගෙන ගොස් ඇති බවත් අනාවරණය වෙයි.

මෙම කලහකාරී සිද්ධියෙන් පසු නිලධාරීන් බහුතරයක් ඊයේ වන විටත් සේවයට වාර්ථා කර නොතිබූ බවත්, එම හේතුව නිසා පසුගිය දිනවල එම සිරකරුවන් නියමිත පරිදි ගණනය කිරීමට නොහැකි වී ඇති බවත් මෙම නිලධාරීන්ගේ නොපැමිණීම නිසා අධිකරණවලට සැකකරුවන් රැගෙන යෑමට බාධා පැමිණ ඇති බවත් වාර්ථා වේ.

Gossip Lanka Hot News Previous News Archive