මියයන පැය නිර්නය කරන ජානයක්

මිනිස් සිරුරක රුධිර කාණ්ඩය, හිසකෙස් හා දෑස් වල පැහැය වැනි බොහෝ දේ තීරණය වන්නේ ජාන වලට අනුවය.

එබැවින් වෛද්‍ය ක්ෂේත‍්‍රයේ ජාන පිළිබඳ පර්යේෂණ වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.

ජාන පිළිබඳ පර්යේෂණ සිදුකළ විද්‍යාඥයන් පිරිසක් පසුගියදා පවසා තිබුනේ පුද්ගලයකු මියයන පැය නිර්නය කරන ජානයක් ද හමුවූ බවයි.
මෙම සොයාගැනීම Annals of Neurology නම් ජර්නලයේ නොවැම්බර් කලාපයේ පළ කර ඇති බව හාවඞ් වෛද්‍ය විද්‍යාලයේ වෙබ්අඩවියේ පළ කළ ලිපියක දැක්වේ.


මෙම ජානය හේතුවෙන් ඞී එන් ඒ ගොඩනගන නියුක්ලියෝටයිඩ තුන් ආකාරයකට එක් වන බවත්, පුද්ගලයන් ගේ ජෛව ඔරලෝසුව ද (biological clock) මෙම කාණ්ඩය අනුව වෙනස් වන බව විද්‍යාඥයන් පවසයි.

ඉහත පර්යේෂණයට එක්කර ගත් වයස්ගත පුද්ගලයන් 1,200 ක් පමණ මියයාමත් සමග, ඔවුන් මියයන වේලාවේද සමානතා ඇති බවට සොයාගෙන ඇත.

කාණ්ඩ දෙකකට අයත් පුද්ගලයන් පෙ.ව. 11.00ට පෙර ද එක් කාණ්ඩයකට අයත් පුද්ගලයන් ප.ව. 6.00ට පමණ මියගිය බව මෙහිදී හෙළිදරව් වී තිබේ.

Gossip Lanka Hot News Previous News Archive