මේ ඡායාරූපයෙන් බැලූ බැල්මට දැක්වෙන්නේ ළමුන් පිරිසක් සපත්තු පෙට්ටි ඔසවාගෙන යන ආකාරයකි. එහෙත් ඒ සපත්තු කඩයකින් නම් නොවේ.
මේ රටේ පළමු පුරවැසියා ජීවත්වන අරලියගහ මන්දිරයෙනි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මේ ළමුන්ට මේ සපත්තු ලැබුනේ පසුගිය 2 වැනිදාය.
එදින අරලිියගහ මන්දිරය නැරඹීමට පැමිණි පොල්ගහවෙල සෙරිපිස් කනිෂ්ඨ විද්‍යාලයේ සහ පුත්තලම සොහොන්කල්ම විද්‍යාලයේ සිසුන් ජනාධිපතිතුමා හමුවී කතාබහ කළ අතර එක් ළමයෙක් විශේෂ කතාවක් කෙළේය.
එම සිසුවාගේ සපත්තුවක් කැඩී දුර්වර්ණ වී තිබිණි. එය ජනාධිපතිතුමා දුටුබව වටහා ගත් සිසුවා ලැජ්ජාවෙන් වහා කකුල සඟවා ගැනීමට උත්සාහ ගත්තේය. මෙය දුටු ජනාධිපතිතුමා පසුව වහා නිලධාරීන්ට පැවසුවේ තම මෑණියන් වූ දන්දිනා සමරසිංහ දිසානායක මැතිනියගේ ගුණානුස්මරණ දිනය යෙදී තිබූ එදින (නොවැම්බර් 02) එතුමිය සිහිකර එම ළමුන්ට හැකි ඉක්මනින් අලුත් සපත්තු දිය යුතු බවයි. එය ළමුන්ගේ ගරුත්වය රැකෙන පරිදි ලබාදිය යුතු බවත් එතුමා අවධාරණය කෙළේය. පසුව වහා එය ක්‍රියාත්මක විය. ඒ අනුව ළමුන් තිස්දෙනෙකුට මෙලෙස අලුත් සපත්තු ලැබිණි.
රටේ ප්‍රථම පුරවැසියා වූ ජනාධිපති තාත්තා අතින් අලුත් සපත්තු ලැබූ මේ ළමුන්ගේ නැවුම් බලාපොරොත්තු සහිත අනාගතයට සියලුමදෙනා සුබ පතති. ඡායාරූපය:- චන්දන පෙරේරා