රියැදුරෙක් මල් කැකුළක් තලයි

දෙමාපියන් සමග ඇතිවූ බහින් බස් වීමකින් ගෙදරින් පැනගිය දැරියක් වෑන් රථ රියදුරකු විසින් අතවරයකට ලක්කර ඇතැයි වාර්තා වේ.

මෙලෙස අතවරයට ලක්ව ඇත්තේ 14 හැවිරිදි දැරියකි.

වාර්තා වන පරිදි දැරිය වාද්දුව ප‍්‍රදේශයේ සිට මාතර ප‍්‍රදේශයට පළා ගොස් තිබේ.

දැරිය සන්තකයේ තිබී උපත් පාලන පෙති කිහිපයක්ද හමුවී ඇති අතර පොලිසිය විසින් කරන ලද ප‍්‍රශ්න කිරීම් වලින් හෙළිව ඇත්තේ සැකකරු රුපියල් 150ක මුදලක් සමග උපත් පාලන පෙතිද දැරිය වෙත ලබා දී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර විමසීම සදහා අප පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සහ කළුතර ජේෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය ඇමතුවද එහි නිලධාරීහු පවසා සිටියේ එවැනි සිද්ධියක් තම කාර්යාල වෙත වාර්තා නොවූ බවයි.

එමෙන්ම විවිධ අපරාධ සම්බන්ධ සිද්ධීන් වර්ගීකරණය වන බවද සුළු සිද්ධීන් තමන්ට වාර්තා නොවන බවද කළුතර ජේෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ නිළධාරියකු අප වෙත පැවසීය.

වැඩිදුරටත් ඔහු පවසා සිටියේ දැරිය අතරවරයට ලක්වූ ස්ථානය පිළිබඳ තොරතුරක් හෝ සැකකාර වෑන් රථ රියදුරා පිළිබඳ තොරතුරක් හෝ ලබා දෙන්නේනේ නම් ඒ පිළිබඳ සොයා බැලිය හැකි බවයි.
 උපුටගැනීම - mirror news

Gossip Lanka Hot News Previous News Archive