Pages

නවසිලන්ත කණ්ඩායමේ රොස් ටේලර් හා එලිස් රෝහලට


ඊයේ (04) දහවල් ගනු ලැබූ ආහාරයක් විෂවීම නිසා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ රොස් ටේලර් හා ඇන්ඩෘ එල්ලිස් යන ක්‍රීඩකයින් දෙදෙනා රෝහල් ගතවී ඇති බවට වාර්තාවේ.
ඊයේ පස්වරුවේ තරගය ආරම්භවීමට පෙර ගනු ලැබූ ආහාරයක් මෙලෙස විෂ වී තිබේ.
ඔවුන්ට වමනය හා අජීර්ණය තත්ත්වයක් ඇති වි ඇති බවට වාර්තාවේ. රොස් ටේලර් හා ඇන්ඩෘ එල්ලිස් දෙදෙනා
කොළඹ පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබාගෙන පිටව ගොස් ඇත.
ඔවුන් දෙදෙනාගේ සෞඛ්‍ය තත්ත්වය මේවන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇතැයි ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.