කොටුවේ කැසිකිළියට ගිය තරුණියට අතවර කරයි

කොළඹ බැස්ටියන් මාවත බස් නැවතුම්පොළේ කැසිකිළියට ගිය තරුණියකට කිසියම් දියරයක් තැවැරූ ලේන්සුවක් මුහුණට අල්ලා සිහිසුන්කර පැහැරගෙන ගොස් අතවරයක් කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව පිටකොටුව පොලිසිය කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා වෙත දැනුම් දී ඇත
.
සිද්ධියට අදාළව සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බව කියා සිටි පොලිසිය තරුණිය ළඟ තිබූ රුපියල් 35,000 ක් පමණ වටිනා දේපල සහ මුදල් එම සැකකරු පැහැරගෙන ඇතැයි ද සඳහන් කර තිබේ.


එම තරුණිය කොළඹ ප‍්‍රදේශයේ ආයතනයක සේවිකාවක් වන අතර සිද්ධිය වූ දින පිටකොටුවට පැමිණ ඇත්තේ අසනීපව සිටින මව බැලීමට ගම්බලා යාමටයි.

Gossip Lanka Hot News Previous News Archive