ශ්‍රී ලංකාවේ පළමු පණිවිඩ හුවමාරු චන්‍ද්‍රිකාව කක්ෂගත කිරීමට හෙට .

ශ්‍රී ලංකාවේ පළමු පණිවිඩ හුවමාරු චන්‍ද්‍රිකාව ලබන 22වැනිදා චිනයේ ෂි චෑන්ංග් චන්‍ද්‍රිකා මධ්‍යස්ථානයෙන් උඩුගුවනට යැවීමට නියමිත අතර, ඒ වෙනුවෙන් ගීතයක්ද මේ වනවිට නිපදවා තිබේ.

මෙම චන්‍ද්‍රිකාව ගුවන්ගත කිරීමත් සමග ශී‍්‍ර ලංකාව චන්‍ද්‍රිකාවක් හිමි 45 වැනි රට බවට පත්වේ.

මෙය ඇමරිකානු ඩොලර් මිලියන 320ක ව්‍යාපෘතියකි.

මීට සමගාමිව මහනුවර ප‍්‍රදේශයේ ඉදිවන චන්‍ද්‍රිකා කළමනාකරණ මධ්‍යස්ථානය හා පුහුණු ඇකඩමිය සඳහා තවත් ඩොලර් මිලියන 40ක මුදලක් වැය කෙරේ.



සුපී‍්‍රම් සැට් සමාගම චීන රජයට අයත් චයිනා ගේ‍්‍රට් වොල් ඉන්ඉස්ටී‍්‍ර කොපරේෂන් සමාගම හා එක්ව මෙම චන්‍ද්‍රිකාව නිෂ්පාදනය කර තිබේ.

මෙම ව්‍යාපෘතිය පිටුපස සිටින්නේ තමා බව ජනාධිපති බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා 'ඉරිදා ලංකාදීප' පුවත්පතට පවසා තිබිණ.

මුල පුරන්නට යන අභ්‍යවකාශ ව්‍යාපෘතිය ගැන රෝහිත මහතා එහිදී මෙසේ පවසා තිබිණ.

'' මේ චන්ද්‍රිකාව නම් කරල තියෙන්නෙ සුප‍්‍රීම් සැට් 1 කියල. චීනයේ හා ලංකාවේ සමාගමක් එක්ව තමා සුප‍්‍රීම් සැට් -1 චන්ද්‍රිකාව යවන්නෙ. ලංකාවෙ සමාගම වැඩි මුදලක් දරපු නිසා සුප‍්‍රිම් සැට් කියන නම දැම්මෙ ලංකාව. සැලසුම් සකස් කරේ මම. මේ කාර්යය යට මං හිටියෙ. ලොන්ච් එකට සතියක් තියල ඒ ගැන කියන්න තමයි බලාපොරොත්තු වුනෙ.

අභ්‍යාවකාශ ව්‍යාපෘති බිලියන 18 ක විතර කර්මාන්තයක්. ලංකාවේ එහෙම දෙයකට කෙනෙකුට ඇතුළු වෙන්න අමාරුයි.

චීනයෙන් ගුවන් ගතකරන අභ්‍යවකාශ යානයෙ පරිපාලන ඒකකය පල්ලෙකැලේ දැන් හදාගෙන යනව. 2013 ජුනි වෙනකොට ඒකට අපි කොන්ට්‍රෝල් එක ගන්නවා. චීනය පොරොන්දු වෙල තියනව අපේ ඉංජිනේරුවන් කොටස් හැටියට ගෙන්නගෙන පුහුණුව දෙන්න.

අපි ඇකඩමියක් පිහිටුවනව. 2015 වෙනකොට චීනෙ සම්බන්ධෙ ඉවරයි. අපටම පුළුවන් විදේශ වලට අභ්‍යවකාශ සේවා සපයන්න. ලංකාවෙ පිහිටීම හොඳ හින්දා ඉදිරියේදී එවැනි කටයුතු වලට හොඳ ඉල්ලූමක් විදේශ විනිමයක් ලැබේවි. මගේ සිහිනයක් වුනේ ලංකාවෙ ප‍්‍රථම අභ්‍යවකාශගාමියා වෙන්න. ඒ වගේම මට 23 ලැබුව විතරයි. ඉදිරියේදී ලෝකෙ ළාබාලම අජටාකාශගාමිය වෙන්නත් මට පුළුවන් වෙනව.. ''1











Gossip Lanka Hot News Previous News Archive