අගවිනිසුරුවරියට එරෙහිව ආණඩුව විසින් ගොනු කරනු ලැබූ දෝෂාභියෝගයේ ගිණුම් සම්බන්ධයෙන් වූ කාරණා ඇය තරයේ ප්‍රතිෂේප කර තිබේ.
ඒ සම්බන්ධයෙන් මාධ්‍යවල පළවී තිබු වාර්තා නිවැරදි කරන ලෙස ඉල්ලා ඇයගේ නීතිඥයින් විසින් එම මාධ්‍ය ආයතනවලට නිවැරදි කිරීම් යොමුකර ඇත.
අගවිනිසුරුවරිය වෙනුවෙන් 'නිලකාන්දන් සහ නිලකන්දන්' නීති සමාගම විසින් එකී ලිපි යොමුකර ඇත.
තමන්ගේ සේවාදායිකාව එකී චෝදනා සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත්, එවා සම්පුර්ණයෙන් බිද හෙළිය හැකි බවත් එම සමාගම යොමුකළ ලිපියේ සදහන්වේ.
තමා පෙර පරිදිම තම රාජකාරිය බයක් හෝ පක්ෂ භජනයක් නොමැතිව ඉටු කරන බවට ප්‍රකාශ කර ඇති අගවිනිසුරුවරිය එම කාර්යය ස්වාධීනව අපක්ෂපාතීව හා නිර්භීතව නීතියට අනුකූලව ඉටු කරනු ලබන බවද එකී ලිපිය මගින් අවධාරණය කර ඇත.

එම නීතිඥ සමාගම විසින් යොමු කළ ලිපිය සම්පූර්ණයෙන්ම පහත සඳහන් වේ.