“ලංකාවේ එහෙම වෙන්නේ ඇයි”ගීතය නිසා සුනිල් පෙරේරා මහතාට වෙචිචදෙයක්

ජනප්‍රිය ගායන ශිල්පී සුනිල් පෙරේරා මහතා සමග පාර්ලිමේන්තු මන්ත්‍රි වී.කේ ඉන්දික මහතා ගැටුමක් ඇතිකරගෙන තිබේ.
ගැටුමට හේතු වී ඇත්තේ සුනිල් පෙරේරා විසින් ජනාධිපතිතුමාට අපහාස වන පරිදි ප්‍රසිද්ධ වේදිකාවක ගීතයක් ගායනා කිරීමයි.
ගාල්ල, රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය එකමුතුව මගින් සංවිධානය කරන ලද උත්සවයකදී “ලංකාවේ එහෙම වෙන්නේ ඇයි” ගීතය ගායනා කිරීමෙන් පසු මන්ත්‍රිවරයා සුනිල් පෙරේරා මහතාට පහර දීමට උත්සාහ කරමින් පවසා ඇත්තේ තම නායකයාට අපහාස කිරීමට ඉඩදිය නොහැකි බවයි.

මෙහිදී සුනිල් පෙරේරා මහතා පවසා ඇත්තේ මේ ගීතය ඕනෑම ස්ථානයක, ඕනෑම අයකු ඉදිරිපිටදී ගායනා කිරීමට තමා සූදානම් බවයි.


Gossip Lanka Hot News Previous News Archive