අසභ්‍ය ඡායාරූප අඩංගු ලැප්ටොප් එක සමග හිමිනම අත්අඩංගුවට


ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපිද්‍රව්‍ය, රැකියා ඉල්ලුම්පත්, අසභ්‍ය වීඩියෝ දර්ශන, අසභ්‍ය ඡායාරූප 450ට වඩා අඩංගු ‘ලැප්ටොප්’ යන්ත්‍රයක් සමඟ කතරගම කිරිවෙහෙර රාජමහා විහාරයේ විහාරාධිකාරී හිමිනමක වන මිද්දෙණියේ උදිත හිමි නමින් පෙනී සිටි චීවරධාරියකු හා තවත් තරුණයකු ලබන 21 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස පදවිය සංචාරක අධිකරණයේ මහෙස්ත්‍රාත් ගයාන් මීගහගෙ මහතා පසුගිය 7 දා නියෝග කෙළේය.

පසුගිය (6 දා) වැලිඔය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.ආර්. සමන් ජයලත් මහතාට මේ සැක කටයුතු භික්ෂුව හා තරුණයා වැලිඔය ඇතාවැටුණ වැව විහාරස්ථානයේ සිටින බවට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගැනිණි. මේ හිමිනම ළමා, ලිංගික අතවරයකට චෝදනා ලැබ සිටින මිහින්තලේ රජමහා විහාරයේ හිටපු විහාරාධිපති හිමි නම සමඟ අනුරාධපුර විහාරස්ථානයක කාලයක් තිස්සේ ඇසුරු කළ බවටද තොරතුරු අනාවරණය වේ.
හිමි නම සමඟ සිටි අනෙක් 20 හැවිරිදි තරුණයා පූනෑව මැදවච්චිය මහ කුඹුක්වැව පදිංචි දේවමුණි නිලංග චිත්‍රසේන යන අයයි. නාගදීපය වඳින්න යෑමේදී එම හිමි නම හඳුනාගෙන ඇති බවත් දුරකතනයෙන් නිතර කතා කරමින් සිට මීට සතියකට පමණ පෙර නාමල් රාජපක්ෂ මහතා මාර්ගයෙන් රැකියාවක් ලබාදෙන බවට පොරොන්දුවක් දී රැගෙන ගිය බවත් එම තරුණයාගේ පියා වන දේවමුණි චිත්‍රසේන කීය.

Gossip Lanka Hot News Previous News Archive