පාසල් දැරියක් අඹුකමට ගත් තරුණයා රක්ෂිතයට

පාසල් යන 15 හැවිරිදි දැරියක් නීත්‍යනුකූල නොවන අයුරින් රැගෙන ගොස් තම භාර්යාව වශයෙන් තම නිවෙසේ රඳවා තබාගැනීම සම්බන්ධයෙන් කන්තලේ 87 ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙකු අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු ලබන 12 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කන්තලේ මහෙස්ත්‍රාත් හා දිසා විනිසුරු ඉවෝන් ප්‍රනාන්දු මෙනවිය නියෝග කර තිබේ.



මේ සම්බන්ධයෙන් අනියමින් ආධාර හා අනුබල ලබාදුන්නේ යැයි දැරියගේ මවට හා තරුණයාගේ පියාට රුපියල් 20,000ක ශරීර ඇප නියමකොට යළි 12දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද දිසා විනිසුරුවරිය නියෝග කර ඇත.

මෙම දැරියගේත්, තරුණයාගේත් සහ දෙමව්පියන්ගේත් කැමැත්ත ඇතිව මොවුන් දෙදෙනා අඹුසැමියන් ලෙස ජීවත්වූයේයැයිද වාර්තාවේ.

මෙම දැරිය බාලවයසක් කාර දැරියක් බැවින් මෙවැනි දැරියන් කැමැත්ත ඇතිව හෝ නැතිව අඹුකමට ගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් බව නීතීඥයෝ පවසති.

Gossip Lanka Hot News Previous News Archive