රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි සංඝ ආඥවක්?



එක්සත් ජාතික පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි සංඝ ආඥවක් නිකුත් කිරීමේ පළමු පියවර ලෙස භික්ෂූන් වහන්සේ ඊයේ පාගමනක නිරත වූහ.

භික්ෂූන් වහන්සේ සිය පාගමන ආර්ඹභ කළේ, නාරාහේන්පිට නාවල ධර්මාරාම අසළිනි.

විපක්ෂ නායක කාර්යාල වෙත පැමිණි භික්ෂුන් වහන්සේගේ අරමුණ වූයේ ,එක්සත් ජාතික පක්ෂ නායකයා වෙත සංදේශයක් භාර දීමය.

එහෙත් විපක්ෂ නායක කාර්යාලය වසා ඊට පොලිස් ආරක්ෂාව යොදවා තිබුණි.


කෙසේ වෙතත් අදාළ සංදේශය විපක්ෂ නායක කාර්යාලයට භාර දීමට හැකියාවක් නොලැබිණ.

එක්සත් භික්ෂු පෙරමුණේ සභාපති මීටියාගොඩ ගුණරතන හිමි

'' මන්ත්‍රීවරු පස් දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කරලා තියෙනවා. කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් වහාම ඉල්ලා සිටිනවා. මේ තහනම ඉවත් කරන්න කියලා අන්න ඒ සංදේශය භාර දෙන්නයි අපි අද මේ ස්ථානයට පැමිණියේ. බයගුල්ලෝ දැන් තුනහමාරයි. තුනහමාරට කාර්යාලයක් වහන්න බැහැ ''



Gossip Lanka Hot News Previous News Archive