දුරකතනයෙන් නිල් පෙන්නා දැරියකට හදිකරලා

දුරකතනයෙන් අසැබිදේ පෙන්නා දැරියකට අතවර කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධ සැකකරුවෙක් ලබන නොවැම්බර් 26 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කිරීමට මීගමුව මහේස්ත‍්‍රාත් ඒ.එම්.එන්.පී. අමරසිංහ මහතා නියෝග කළේය.

සැකකරු අතවරයට පත් කළ දැරියගේ නිවසට ඇතුලුවී ඇත්තේද බලහත්කාරයෙන් බව අධිකරනයේදී හෙළි විය.

මෙසේ රිමාන්ඩ් භාරයට පත්කර ඇත්තේ මහහුණුපිටිය ප‍්‍රදේශයේ පදිංචි මීගමුව නගර සභාවේ සේවකයෙකි.


අතවරයට පත් දැරිය 10 වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවියකි.

දැරියගේ පියා යම් නඩුවකට බන්ධනාගාරගතව සිටින බවද පැවසේ.

මේ දැරියගේ පාසලේ මීගමුව නගර සභාව විසින් සිදුකරන ලද සෞඛ්‍ය වැඩසටහනකදී දැරිය හා මෙම තැනැත්තා සිය දුරකතන අංක හුවමාරුකර ගැනීමෙන් මෙම දැනහැඳුනුම්කම ඇතිකර ගෙන ඇති බවද පැවසේ.

සිද්ධිය වූ දිනයේ රාති‍්‍රයේ සැකකරු දැරියගේ නිවසට බලෙන් කඩා වැටී අදාල දුරකතනයේ අසභ්‍ය දර්ශන පෙන්වා ඔබටත් මෙලෙස සිටිය හැකි දැයි පවසමින් ඇය වැළඳගෙන මෙම අතවරය සිදුකර ඇති බව අධිකරණයේදී හෙළිවිය.

Gossip Lanka Hot News Previous News Archive