රජයේ පදයට නැටුවේ නැත්නම් අගවිනිසුරු දියවන්නාවේ ගිල්ලනවා - හිටපු අගවිනිසුරු

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දොෂාභියෝග යෝජනාව පිළිබඳව විවිධ පාර්ශව අදහස් දැක්වූහ.

විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය ඩිලාන් පෙරේරා

'' විධායකයයි ,ව්‍යවස්ථාදායකයයි තොරන්නේ ජනතාව.අධිකරණයේ එහෙම නෙමෙයි.ඒ ගොල්ලො ඡන්දෙන් පත්වෙච්ච අපි පාර්ලිමේන්තුවේ අපේ බලය ඡන්දෙන් පත්වෙන්නෑ.ඡන්දයෙන් පත් වෙච්ච අපි පාර්ලිමේන්තුවේ අපේ බලය ඡන්දයෙන් පත් නොවෙච්ච කවුරුහරි උදුරගන්න හදනවානම් ,අපි ඒ වෙනුවෙන් පෙනී හිටියේ නැත්නම් අපි කරන්නේ අපිට දුන්නු ජනතාවගේ ඡන්දයට පයින් ගැහෟමක්.අද පාර්ලිමේන්තුවේ තියෙන දෝෂාභියෝගයේ අර්ථය ඕකයි ''

හිටපු අගවිනිසුරු සරත් එන්.සිල්වා



'' රජය ගහන පදයට නැටුවොත් ඔන්න අගවිනිසුරු නිර්දෝෂීයි.ගහන පදයට නැටුවෙ නැත්නම් අගවිනිසුරු දියවන්නා ඔයේ ගිල්වලා දානවා.ඔන්න ඕක තමයි වෙන්නේ මන්ත්‍රීවරු117 දෙනෙක් දැං භාරදීලා මගේ ශිෂ්‍යවක් වන පවිතා වන්නිආරච්චි තමා නායිකාව.ඔය එක මන්ත්‍රීවරයෙකුගෙන් මං අහනවා ඔය චෝදනා මොකක්ද කියලා කියවලා බැලුවද ?ඒ පිළිබඳව සාක්ෂි පරීක්ෂා කරලා බැලුවද ?මම අහනවා .මම අහනවා ඔය භාරදුන් මන්ත්‍රීවරුන්ගෙන් ''

ග්‍රාමීය කටයුතු පිළිබඳ ජ්‍යේෂ්ට අමාත්‍යය අතාවුද සෙනෙවිරත්න

'' නඩුකාරකම්වලට වේවා,අනිකුත් හාමුදුරුකම්වලට වේවා,ගුරුවරු හැටියට වේවා ,නීතීඥයින් හැටියට වේවා ,දේශපාලනඥයින් හැටියට ඉන්නේ රහත් වෙච්ච අය නෙවෙයි.මේ පංචස්කන්ධ පවා තියෙන්නේ ඒ අයගෙත් ආසාවන් තියෙන අය.ඉතිං ඒක නිසා මේ අයගේ වැරදිත් හොයන්න ඒවා පෙන්නුම් කරලා ඒවා නිවැරදි කරන්න තියෙන තැන තමයි ව්‍යවස්ථාදායකය.ඒකට යෝජනා ඉදිරිපත් කරලා ඒ අයටත් කරුණු කියන්න ඉඩ දීලා ,ඒ අනුව තීන්දුවක් අරගෙන,ක්‍රියාකරන්න පුළුවන්.ඒ බලය තියෙනවා .ඉතිං ව්‍යවස්ථා දායකයට ව්‍යවස්ථාවේ තියෙන නීතියත් ,අනුව තමයි මේක පනවලා තියෙන්නේ.ඒක නිසා මේකට කවුරුත් කලබල වෙන්න ඕනේ නැහැ ''

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල

'' සාමාන්‍යයෙන් චෝදනාව කරන කෙනාම ඒක විභාග කරන්නේ නැහැ.මේක හරියට අපරාධ අධිකරණවල පොලීසියයි .නීතිපති දෙපාර්තමේන්තුවෙයි තමයි පැමිණිලි ඉදිරිපත් කරන්නේ.එතකොට පොලීසියටයි ,නීතිපතිටයි නඩු අහන්න පුළුවන් ද ඒ නඩුවම?ඉතිං ව්‍යවස්ථාවේ ප්‍රශ්නයක් තියෙනවා.ව්‍යවස්ථාව අපහැදිළියි.දැං මේ පරීක්ෂණය පටන්ගත්තාම නීතිපතිවරයාට දැන් මේකට සහභාගි වෙන්න පුළුවන් ද?ඉතිං ඒක ගැන පැහැදිලි තත්ත්වයක් නැහැ.මේ දෝෂාභියෝගය සම්බන්ධයෙන් අපේ ශ්‍රී ලංකා නීතීඥ සංගමයට ,ඒ වගේම අපේ රටේ ඉන්නවා විනිශ්චයකාරවරුන්ගේ සංගමයක්.ඒ අය ඕන තීරණයකට එක්සත් ජාතික පක්ෂය සහයෝගය ලැබෙනවා මේ අවස්ථාවේ දී කියනවා.අපි කියන්නේ මෙම දෝෂාභියෝගය නිරීක්ෂණය කරන්න දේශීය නිරීක්ෂකයින් පමණක් නෙවෙයි,ජාත්‍යන්තර නිරීක්ෂකයින් කැඳවන්න ''

ජනතා විමුකිති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත්

'' අපි දකින්නේ මේ දෝෂාභියෝග යෝජනාව ශිරාණි බණ්ඩාරනායක මහත්මියට පෞද්ගලිකව ඉදිරිපත් කරපු එකක් නෙවෙයි.මේක ඉතා පැහැදිළිව මේ රටේ විධායකය ,ව්‍යවස්ථාදායකය ,අධිකරණයේ තියෙන සමතුලිතතාවය බිඳවට්ටන්න විධායකයට අවශ්‍ය පරිදි අධිකරණය මෙහෙයව ගන්න එහෙම නැත්නම් මේ රටේ අධිකරණය මෙහෙයවන්න එහෙම නැත්නම් මේ රටේ නීතියට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ගෙනාපු දෝෂාභියෝගයක්.ඒනිසා පක්ෂ පාට භේදයකින් තොරව ,මේ ප්‍රජාතන්ත්‍රවිරෝධී කටයුත්තකට එරෙහිව නැඟී සිටින්න සංවිධානය වෙන්න සෑම පුරවැසියෙකුටම යුතුකමක් තියෙනවා.අපි මේ අධිකරණයට කරන ප්‍රහාර දැඩි ලෙස පිළිකුල් සහගත ලෙස ඒ සිදුකරන ප්‍රහාර හෙළා දකිනවා විතරක් නෙවෙයි,එයට එරෙහිව ක්‍රියාමාර්ග තෝරන්නත් අපි සංවිධානය වෙනවා ඒ අවශ්‍යතාවය අද රටේ තියෙනවා ''

Gossip Lanka Hot News Previous News Archive