රාජපක්ෂ පුත්තු ප්‍රකෝටිපතියන් වුයේ කෙසේද?

මහජන මුදලින් වැටුප් ලබන යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ නාවුක හමුදා භටයකු ශ්‍රී ලංකා කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරන සමාගම්වල ප්‍රධාන පෙලේ ආයෝජකයන් වූයේ කෙසේදැයි එජාප මන්ත්‍රී මංගල සමරවීර මහතා ප්‍රශ්න කරයි.

එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන අංශ ප්‍රධානී මංගල සමරවීර මන්ත්‍රීවරයා එම ප්‍රශ්නය මතු කළේ, ශ්‍රී ලංකා ආණ්ඩුවේ ඉහල පෙලේ බලධාරීන්ගේ වංචා දූෂණ සම්බන්ධයෙන් ඔහු පසුගියදා පාර්ලිමේන්තුවේදී කළ විශේෂ ප්‍රකාශයක් පිළිබඳව බීබීසී සංදේශය සමඟ අදහස් දක්වමිනි.



"මේ අයට මේ මුදල් කොහෙන්ද ලැබෙන්නේ, මේ මුදල් කාගේද කියන එක තමයි අද මේ රටේ සියලු දෙනා කථා වෙන්නේ," ඔහු පැවසීය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ පවුලේ සාමාජිකයන් කොටස් වෙළඳ පොලේ මෙසේ ආයෝජනය කරන්නේ චීනයෙන් "ගිනි පොලියට" ලබාගන්නා ණය මුදල් වෙනුවෙන් "මහා පරිමාණයේ කොමිස් කුට්ටි" ලැබෙන තත්ත්වයක් තුල බව, රාජපක්ෂ ආණ්ඩුවේ පළමු විදේශ අමාත්‍යවරයා ද වූ සමරවීර මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

ශ්‍රී ලංකා ආණ්ඩුව මීට කලින්ද විදේශ රටවලින් ණය ලබාගෙන තිබෙන අතරම, තමන් සාමාජිකත්වය දැරූ ආණ්ඩුවල සාමාජිකයන්ද කොමිස් ලබාගන්නට ඇති නමුත් මේ ආකාරයෙන් "සැලසුම් සහගතව ගිනි පොලියට ණය" ලබාගත් යුගයක් මින් පෙර නොවූ බව මන්ත්‍රීවරයා පැවසිය.

කෙසේ නමුත් එම චෝදනාව ප්‍රතික්ෂේප කරන කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා පවසන්නේ, විදේශීය ආයෝජනයන් හෝ ණය මුදල් ලබා ගැනීම එක පුද්ගලයෙකුගේ තීන්දුවක් නොව සාමූහික ව්‍යායාමයක ප්‍රතිඵලයක් බවයි.

වත්මන් ආණ්ඩුවේ කිසිදු සාමාජිකයකු කිසිදු අවස්ථාවක කිසිම කොමිස් මුදලක් ලබා ගෙන නැතැයි සහතිකයක් දීමට තමාට හැකියාවක් නොමැති බවද අමාත්‍ය රඹුක්වැල්ල පිළි ගත්තේය.

මේ අතර පසුගිය ඉරිදා ලංකාදීප පුවත්පතට විශේෂ සම්මුඛ සාකච්ජාවක් ලබාදෙමින් ජනාධිපතිවරයාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා කියා සිටියේ, තම පවුලට තමාට කියා ගෙයක් දොරක් හෝ වහනයක් වත් නොමැති බවයි.

සබැදි පුවත්-

අපට කියලා මොකුත් නැහැ -ජනාධිපතිගේ බාල පුතා කියයි


Gossip Lanka Hot News Previous News Archive