අගවිනිසුරුවරියට එරෙහිව ආණ්ඩුපක්ෂ මංත්‍රීවරුන් 117 දෙනෙකුගේ අත්සනින් කතානායකවරයාට පසුගිය බ්‍රහස්පතින්දා භාරදුන් දෝෂාභියෝගය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥ ගෝමින් දයා ශ්‍රී මහතා අදහස් පළ කලේ ය.
'' කතා නායකතුමා පරීක්ෂා කළ යුතුයි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු තුනෙන් එකක් එය අත්සන් කරලද කියලා.දෙවනුව බලන්න ඕනෙ එම චෝදනා ගැන විස්තරාත්මකව ඉදිරිපත් කරල තියෙනවාද කියල ඒසේ කර ඇත්නම් ඔහුට යුතුකමක් තියෙනවා තේරුම්කාරක සභාවකට මේක යොමුකරන්න.එහිදී ආණ්ඩු පක්ෂයයි විපක්ෂයයි මන්ත්‍රීවරු දෙපිරිසක්ම මෙයට අඩංගු කර ඔවුන්ගේ පාර්ලිමේන්තු බලශක්තිය අනුව නියෝජනය කිරීමකුයි සාමාන්‍යයෙන් මින් පෙර සිදු වූ ක්‍රියාකලාපය ''
මෙම තේරීම්කාරක සභාව සාමාජිකයින් සත්දෙනෙකුට නොඅඩු විය යුතු අතර කතානායකවරයා විසින් ඊට සභාපතිවරයෙකු පත්කළ යුතු බවද ජ්‍යේෂ්ඨ නීතීඥ ගෝමින් දයාසිරි මහතා පෙන්වා දෙයි.
ඔහු පවසන්නේ සාක්ෂි කැඳවීමට ,ලේඛණ කැඳවීමට මෙන්ම අවශ්‍යනම් විශේෂඥ සහය ලබා ගැනීමද මෙම තේරීම්කාරක සභාවට හැකියාව ඇති බව ය.
එහි පෙනී සිටින චූදිත විනිසුරුවරයා හෝ වරියට නීති සහය ලබාගැනීමේ අවස්ථාවට ද ඇතැයි ජ්‍යෙෂ්ඨ නීතීඥවරයා පැවසීය.
'' මෙම තේරීම්කාරක සභාවේ නිර්දේශය අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි.පාර්ලිමේන්තුවෙන් ලැබුණට පසු මාසයක කාල සීමාව දෙන්නේ සාමාන්‍යෙයන් එම චූදිත පුද්ගලයාට අවශ්‍යනම් ඉවත් වීමට නැතහොත් තවදුරටත් සටන් කිරීමට .පාර්ලිමේන්තුවේ මුළු සංඛ්‍යාවෙන් සියයට භාගයකට වැඩියෙන් ඡන්දය ලැබුණොත් කතානායතුමා විසින් මෙම නිර්දේශය ජනාධිපතිතුමා වෙත යවනු ලබනවා.ජනාධිතුමා එය සැලකීමෙන් පසුව එම විනිශ්චකාරතුමා වරදක් කරලා ඇත්නම් ඔහුව ඉවත් කිරීමට වුව ද බලය තියෙනවා ''
අග්‍රවිනිසුරුවන් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ දෝෂාභියෝග දෙකක් පිළිබඳ අත්දැකීම් මෙරට සතුය.
ජේ .ආර් .ජයවර්ධන ජනාධිපතිවරයාගේ සමයේ 1984 සැප්තැම්බර් මාසයේ දී එවක අගවිනිසුරු නෙවිල් සමරකෝන් මහතාට මහතාට දෝෂාභියෝගයක් ඉදිරිපත්වූයේ රාත්‍රී පාසලක ත්‍යාග ප්‍රදානත්සවයකදී රජය විවේචනය වන කතාවක් කිරීමේ චෝදනාවක් මත ය.
එහි දී විශේෂ තේරීම්කාරක සභාවක් පත්කළ අතර එහි සාක්ෂි විමසීමෙන් පසුව බහුතර මතය අනුව ඔහු වරදකරු වුණි.
හිටපු අගවිනිසුරු සරත් එන්.සිල්වා මහතාට එරෙහිව විපක්ෂයෙන් දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත් වුවද ඒ පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට හැකිවුයේ නැත.
'' නෙවිල් සමරකෝන් මහතාට විනිශ්චයකාරතුමාට ප්‍රථමවරට ගෙන ආවා එවැනි රීති.සම්පූර්ණයෙන්ම විභාගයක් පැවැත්වුවා ඒ විභාගයෙන් පසුව එතුමා යම් කිසි වරදවල් සිදු කළත් එතුමාට ක්‍රියාකලාපයට එතරම් බලවත් චෝදනාවක් ඔප්පුවෙලා තිබුණේ නැහැ.මාසයක් කාලයක් තුළ දී එතුමා ඉල්ලා අස්වීම නිසා පාර්ලිමේන්තුවේ ඡන්දයට ගොස් අවසන් වුණේ නැහැ.එය එතැනින්ම එතුමාගේ ඉල්ලා අස්වීමෙන්ම සම්පූර්ණ වුණා.සරත් සිල්වා මහතාට ගෙනාපු යෝජනාවේදී විශේෂ ලක්ෂණයක් වුණේ අධිකරණය එයට තහනම් නියෝගයක් වැනි දෙයක් ඉදිරිපත් කළා.පාර්ලිමේන්තු ආධිපත්‍යට පහරක් වශයෙන් අනුර බණ්ඩාරනායක මැතිතුමා විසින් ප්‍රකාශයක් නිකුත් කළ නිසා සුප්‍රීම් උසාවියෙන් දෙනලද තීන්දුව ශූන්‍ය බවට පත්වුණා.නමුත් එම අවස්ථාවේ දී පාර්ලිමේන්තුව චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය විසින් විසුරුවා හැරීමත් සමඟම එය න්‍යාය පත්‍රෙයන් ඉවත් වීමත් සිදුවුණා ''