පෝලන්තයේ හිටපු ශ්‍රී ලංකා තානාපතිට ලිංගික අතවර චෝදනා

විදේශ රටවල් කිහිපයක ශ‍්‍රී ලංකාවේ තානාපතිවරයෙකු ලෙස කටයුතු කල,පෝලන්තයේ හිටපු ශ්‍රී ලංකා තානාපති හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයකු වන ටියුඩර් ගුණසේකර මහතාට  ලිංගික අතවර චෝදනාවකට  ලන්ඩනයේ ඕල්ඩ් බේලි උසාවිය දඩ ගැසූ බව විදෙස් වාර්තා සදහන් කරයි.
පසුගිය මැයි මාසයේ දී ලන්ඩනයේ  සුප්‍රසිද්ධ හයිස්ට්‍රීට් ජිම් ඇන්ඩ් ස්පා සම්භාහන ආයතනයේ  මොහු කතකගේ  පියයුරු අල්ලා  මෙම වරද කර ඇති අතර, ඒ සදහා  ඔහුට පවුම් 7420 ක දඩයක් නියම වී ඇත.
ශ්‍රී ලංකාවේ අක්කර 25ක වත්තක සේවකයන් ද සමග ජීවත් වන ගුණසේකර මහතා බ්‍රිතාන්‍ය රජයේ නීති සහාය මත මේ නඩුවට මුහුණ දී ඇත.
ඔහුට පවුම් දහසක දඩයක් (රුපියල් 210000) ද, කාන්තාවට වන්දි වශයෙන් පවුම් 1000ක් (රුපියල් 210000)ද, නඩුගාස්තු වශයෙන් පවුම් 1250 ක්ද (රුපියල් 262500) ගෙවීමට නියම කැර ඇත.
ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ගාස්තුව  පවුම් 4170 කට (රුපියල් 875700) වැඩි යැයි ද විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.
මොහු ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පාලන කාලයේ එක්සත් ජාතික පක්‍ෂ රජයේ මන්ත‍්‍රීවරයෙකු ලෙසද දිගු කලක් කටයුතු කර ඇත.

Gossip Lanka Hot News Previous News Archive