ඉතිහාසයේ නොවූ ලෙස අපරාධ ඉහළ ගිහින් - චන්ද්‍රිකා

ඉතිහාසයේ නොවූ ලෙස අපරාධ ඉහළ ගොස් ඇතැයි හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසන්නී ය.

ඇය මේ අදහස් පැවසුවේ, හොරගොල්ලේ පැවති උත්සවයකදී ය.

අනුර බණ්ඩාරනායක පදනම මඟින් සිව්වැනි වතාවට සංවිධානය කළ අඩු ආදායම්ලාභී පවුල්වල, අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සමත් දරුවන් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමිම ඊයේ සිදුකෙරුණි.



'' කවදාවත් ලංකා ඉතිහාසයේ නොතිබිච්ච පරිදි අපරාධ හැමතැනම සමහර ප්‍රදේශවල විශේෂයෙන්ම විශේෂ ආකාරයේ අද්භූත කහවත්ත ප්‍රදේශයේ අරහේ මෙහේ.දුප්පත්කම නිසා විතරක් නෙමෙයි මම කියන්නේ, වැදගත්කම හැදිච්චකම අද අපේ සමාජෙන්,ඉතා ශ්‍රීඝ්‍ර‍යෙන් ඉවත්වීගෙන යනවා.ගස්බැඳලා ගහනවා මිනිස්සුන්ට.ඊට පස්සේ මේක මේක ටෙලිවිෂන් එකෙත් අපි දකිනවා ගස් බැඳලා ගහනවා.ආණ්ඩුවේ ලොකු ලොක්කෝ,රජයේ නිලධාරීන්ට තමා කිව්ව විදිහට නැටුවේ නෑ කියලා.ඒ මනුස්ස්යාම අපහු නෑ නෑ, විහිළුවට මමම විහිළුවට බැද ගත්තා.මේ මමම දැක්කා ටෙලිවිෂන් එකට කියනවා මාව මෙහෙම බැඳලා ගැහුවා කියලා.මමම බැඳ ගත්තා.ඊයේ පෙරේදා හමුදාවේ එක්කෙනෙකුත් තමාටම ගහගෙන විතරක් නෙමෙයි එයාගේ රස්සාවත් නැති වෙලා ගහගත්ත නිසා ''

Gossip Lanka Hot News Previous News Archive